Thursday, May 8, 2025
Home » ඉන්දීය බෝට්ටුව පෙර­ළී­මෙන් මිය­ගිය තවත් ධීව­ර­ය­කුගේ සිරු­රක් වෙර­ළට

ඉන්දීය බෝට්ටුව පෙර­ළී­මෙන් මිය­ගිය තවත් ධීව­ර­ය­කුගේ සිරු­රක් වෙර­ළට

by damith
August 31, 2024 1:18 am 0 comment

උතුරු පළාත් විශේෂ - රසුල දිල්හාර ගමගේ

යාප­නයේ කච්ච­තිව් මුහුදු කලා­ප­යේදී ඉන්දීය බෝට්ටු­වක් පෙර­ළී­මෙන් මිය­ගිය තවත් ධීව­ර­ය­කුගේ මළ සිරු­රක් ඉන්දි­යාවේ රාමේ­ස්ව­රන් වෙර­ළට ගොඩ ගසා තිබි­යදී ඊයේ (30) උදෑ­සන සොයා­ගෙන තිබේ. ඉන්දීය බෝට්ටුව පෙරළී ගිය අව­ස්ථා­වේදී ඉන්දීය ධීව­ර­යින් දෙදෙ­නෙකු මුහු­දට වැටුණු අතර තවත් දෙදෙ­නෙකු ශ්‍රී ලංකා නාවික හමු­දාව විසින් බේරා­ගෙන තිබුණි.

බේරා­ගත් ඉන්දීය ධීව­ර­යින් දෙදෙනා යාප­නයේ පිහිටි ඉන්දීය කොන්සල් ජන­රාල් කාර්යා­ලයේ මැදි­හ­ත්වීම මත ගුව­නින් චෙන්නායි බලා පෙරේදා (29) පිටත් කොට යැවුණු අතර එම කණ්ඩා­යමේ එක් ධීව­ර­යෙ­කුගේ මළ සිරුර හමුවී තිබේ. මළ සිරුර හමුවී ඇත්තේ සූලන් එම­රි­ටාස් නමැති ඉන්දීය ධීව­ර­යා­ගේය.

මේ බෝට්ටු අන­තු­රෙන් අතු­රු­ද­හන් වූ අනෙක් ඉන්දීය ධීව­රයා සම්බ­න්ධ­යෙන් මෙතෙක් කිසිදු තොර­තු­රක් නොමැති අතර ඔහුව සේවීමේ කට­යු­තුද අත­හැර නොමැත.

රාමේ­ස්ව­රන් වෙර­ළෙන් හමුවූ ඉන්දීය ධීව­ර­යගේ මළ සිරුර රාමේ­ස්ව­රන් රෝහල වෙත රැගෙන ගොස් තිබේ. රාමේ­ස්ව­රන් එක්සත් ධීවර සංග­මය ප්‍රකාශ කොට ඇත්තේ මිය­ගිය ධීව­ර­යාට ඉන්දීය ධීවර දෙපා­ර්ත­මේ­න්තු­වෙන් සාධා­රණ වන්දි­යක් ගෙවන ලෙසයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT