යාපනයේ කච්චතිව් මුහුදු කලාපයේදී ඉන්දීය බෝට්ටුවක් පෙරළීමෙන් මියගිය තවත් ධීවරයකුගේ මළ සිරුරක් ඉන්දියාවේ රාමේස්වරන් වෙරළට ගොඩ ගසා තිබියදී ඊයේ (30) උදෑසන සොයාගෙන තිබේ. ඉන්දීය බෝට්ටුව පෙරළී ගිය අවස්ථාවේදී ඉන්දීය ධීවරයින් දෙදෙනෙකු මුහුදට වැටුණු අතර තවත් දෙදෙනෙකු ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් බේරාගෙන තිබුණි.
බේරාගත් ඉන්දීය ධීවරයින් දෙදෙනා යාපනයේ පිහිටි ඉන්දීය කොන්සල් ජනරාල් කාර්යාලයේ මැදිහත්වීම මත ගුවනින් චෙන්නායි බලා පෙරේදා (29) පිටත් කොට යැවුණු අතර එම කණ්ඩායමේ එක් ධීවරයෙකුගේ මළ සිරුර හමුවී තිබේ. මළ සිරුර හමුවී ඇත්තේ සූලන් එමරිටාස් නමැති ඉන්දීය ධීවරයාගේය.
මේ බෝට්ටු අනතුරෙන් අතුරුදහන් වූ අනෙක් ඉන්දීය ධීවරයා සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තොරතුරක් නොමැති අතර ඔහුව සේවීමේ කටයුතුද අතහැර නොමැත.
රාමේස්වරන් වෙරළෙන් හමුවූ ඉන්දීය ධීවරයගේ මළ සිරුර රාමේස්වරන් රෝහල වෙත රැගෙන ගොස් තිබේ. රාමේස්වරන් එක්සත් ධීවර සංගමය ප්‍රකාශ කොට ඇත්තේ මියගිය ධීවරයාට ඉන්දීය ධීවර දෙපාර්තමේන්තුවෙන් සාධාරණ වන්දියක් ගෙවන ලෙසයි.