Thursday, May 8, 2025
Home » පෞද්ග­ලික මගී බස් රථය පාලමේ ගැටී අටක් රෝහලේ දෙදෙ­න­කුට බර­ප­ත­ළයි

පෞද්ග­ලික මගී බස් රථය පාලමේ ගැටී අටක් රෝහලේ දෙදෙ­න­කුට බර­ප­ත­ළයි

by damith
August 31, 2024 1:17 am 0 comment

තංගල්ල - බන්දුල පද්ම­සිරි

හම්බ­න්තොට සිට කොළඹ බලා ධාව­නය කළ පෞද්ග­ලික මගී බස්‍ ­රි­යක් ඊයේ (30) අලු­යම 4.00 ට පමණ හම්බ­න්තොට – තංගල්ල ප්‍රධාන මාර්ගයේ තංගල්ල වේල්ලේදී අන­තු­රට ලක්වී ඇතැයි තංගල්ල මූල­ස්ථාන පොලි­සිය පව­සයි.

අන­තු­රින් බස්‍ ­ර­ථයේ ගමන් ගත් මගීන් අට­දෙ­නෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇති අතර ඉන් දෙදෙ­නෙ­කුගේ තත්ත්වය බර­ප­තළ බව රෝහල් ආරංචි මාර්ග පව­සයි.

ඊයේ අලු­යම 2.15 ට පමණ හම්බ­න්තොට සිට කොළඹ බලා යෑමට පැමිණි බස් රථය තංගල්ල වේල්ලේ මාර්කො­ල්ලිය දෙසට වන්නට පිහිටි 200/02 පාලමේ ගැටී අසල කල­පුව දෙසට ඇදී ගොස් නතර වී ඇතැයි පොලි­සිය පව­සයි.

අන­තු­රට පත් බස් රථයේ රියැ­දුරා තංගල්ල මූල­ස්ථාන පොලි­සිය විසින් අත්අ­ඩං­ගු­වට ගෙන තිබේ. 22 හැවි­රිදි ඔහු ඉම­දූව ප්‍රදේ­ශයේ පදිං­චි­ක­රු­වෙකි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT