හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය කළ පෞද්ගලික මගී බස් රියක් ඊයේ (30) අලුයම 4.00 ට පමණ හම්බන්තොට – තංගල්ල ප්රධාන මාර්ගයේ තංගල්ල වේල්ලේදී අනතුරට ලක්වී ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි.
අනතුරින් බස් රථයේ ගමන් ගත් මගීන් අටදෙනෙකු තුවාල ලබා තංගල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
ඊයේ අලුයම 2.15 ට පමණ හම්බන්තොට සිට කොළඹ බලා යෑමට පැමිණි බස් රථය තංගල්ල වේල්ලේ මාර්කොල්ලිය දෙසට වන්නට පිහිටි 200/02 පාලමේ ගැටී අසල කලපුව දෙසට ඇදී ගොස් නතර වී ඇතැයි පොලිසිය පවසයි.
අනතුරට පත් බස් රථයේ රියැදුරා තංගල්ල මූලස්ථාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 22 හැවිරිදි ඔහු ඉමදූව ප්රදේශයේ පදිංචිකරුවෙකි.