Home » මුක්කරා මඩු­වන්ගෙන් බල­පි­ටිය මුහුදු තීරය වැසී යයි

මුක්කරා මඩු­වන්ගෙන් බල­පි­ටිය මුහුදු තීරය වැසී යයි

ධීව­ර­යන්ගේ මඩිය තර වේ

by damith
August 31, 2024 1:16 am 0 comment

කර­න්දෙ­ණිය සමුහ - අනු­රාධ ප්‍රිය­ද­ර්ශන

මේ දින­වල බල­පි­ටිය මුහුදු තීරයේ විශාල ලෙස මුක්කරා වර්ගයේ මඩු­වන් විශාල වශ­යෙන් ගැව­සෙන බැවින් මේ දින­වල මෙම ප්‍රදේ­ශයේ ධීව­ර­යන්ගේ මඩිය තර වෙමින් පවතී. දින­ප­තාම වාගේ බල­පි­ටිය හර­ස්පල මුහුදු වෙරළේ සිට මසුන් මැරීම සඳහා යන එක්දින ධීවර යාත්‍රා මඟින් මෙම මසුන් අල්ලා­ගෙන ගොඩ­බි­මට රැගෙන එයි.

දැනට කිලෝ 6000ක පමණ මඩු­වන් සංඛ්‍යා­වක් අල්ලා­ගෙන ඇති අතර මෙම මඩු­වන් කිලෝ එකක් රුපි­යල් 200ත් 300ත් අතර මිල­කට අලෙවි වෙන බව ධීව­ර­යන් පව­සති.

සාමා­න්‍ය­යෙන් දැනට අල්ලා ගත් මඩු­වන්ගේ වටි­නා­කම රුපි­යල් ලක්ෂ දහ­යක් පමණ වන බව ධීවර ව්‍යාපා­රි­ක­යන් පව­සයි. සාමා­න්‍ය­යෙන් එක් මඩු­වෙකු කිලෝ අටක් පමණ බර­කින් යුක්තය. බල­පි­ටිය නග­රයේ ධීවර වෙළෙ­ඳ­සල් අසල මෙසේ මඩු­වන් ගොඩ­ගසා ඇති ආකා­රය දැක ගත හැකිය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT