241
අඹේපුස්ස දුම්රිය ස්ථානයට නුදුරින් පිහිටි කීනදෙණිය ගල්වැඩපළ අසල දුම්රිය හරස් මාර්ගයේදී ඊයේ (30) උදේ වෑන් රථයක් දුම්රිය හරස් මාර්ගය පසුකර යන අවස්ථාවේදී මහනුවර සිට බෙලිඅත්ත දක්වා ධාවනය වෙමින් පැවති ශීඝ්රගාමී දුම්රියේ ගැටී තුවාල ලැබූ රියැදුරා වරකාපොළ මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මීරිගම පොලිසිය පවසයි. අනතුර සිදුවන විට වෑන් රථයේ ගමන් කර ඇත්තේ රියැදුරා පමණක් බවද වාහනයට බරපතළ ලෙස හානි සිදුවී ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. තුවාලකරු රෝහල්ගත කර වාහනය ඉවතට ගැනීමෙන් පසු දුම්රිය ගමනාන්තය බලා පිටත් වී ඇත. මීරිගම පොලිසියේ රථවාහන අංශය පරීක්ෂණ පවත්වයි.