Friday, May 9, 2025
Home » කීන­දෙ­ණිය දුම්රිය හරස් මාර්ග­යේදී දුම්රියේ ගැටුණු වෑන් රථ රියැ­දුරා රෝහ­ලට

කීන­දෙ­ණිය දුම්රිය හරස් මාර්ග­යේදී දුම්රියේ ගැටුණු වෑන් රථ රියැ­දුරා රෝහ­ලට

by damith
August 31, 2024 1:15 am 0 comment

කොට­දෙ­ණි­යාව සමූහ එම්. පුෂ්ප­කු­මාර

අඹේ­පුස්ස දුම්රිය ස්ථාන­යට නුදු­රින් පිහිටි කීන­දෙ­ණිය ගල්වැ­ඩ­පළ අසල දුම්රිය හරස් මාර්ග­යේදී ඊයේ (30) උදේ වෑන් රථ­යක් දුම්රිය හරස් මාර්ගය පසු­කර යන අව­ස්ථා­වේදී මහ­නු­වර සිට බෙලි­අත්ත දක්වා ධාව­නය වෙමින් පැවති ශීඝ්‍ර­ගාමී දුම්රියේ ගැටී තුවාල ලැබූ රියැ­දුරා වර­කා­පොළ මූලික රෝහ­ලට ඇතු­ළත් කර ඇතැයි මීරි­ගම පොලි­සිය පව­සයි. අන­තුර සිදු­වන විට වෑන් රථයේ ගමන් කර ඇත්තේ රියැ­දුරා පම­ණක් බවද වාහ­න­යට බර­ප­තළ ලෙස හානි සිදුවී ඇතැයි ද පොලි­සිය සඳ­හන් කරයි. තුවා­ල­කරු රෝහ­ල්ගත කර වාහ­නය ඉව­තට ගැනී­මෙන් පසු දුම්රිය ගම­නා­න්තය බලා පිටත් වී ඇත. මීරි­ගම පොලි­සියේ රථ­වා­හන අංශය පරී­ක්ෂණ පව­ත්වයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT