Thursday, May 8, 2025
Home » ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩි­කා­ව­කට විෂ­මා­චාර සිදු කළේ යැයි දුලිප් සම­ර­වී­රට චෝදනා

ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩි­කා­ව­කට විෂ­මා­චාර සිදු කළේ යැයි දුලිප් සම­ර­වී­රට චෝදනා

by damith
August 31, 2024 1:17 am 0 comment

ප්‍රින්ස් ගුණ­සේ­කර

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සම­ර­වීර විසින් ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා ‘ඒ’ කණ්ඩා­යමේ ක්‍රිකට් ක්‍රීඩි­කා­ව­කට බර­ප­තළ විෂ­මා­චා­ර­යක් සිදු කළ බවට චෝදනා එල්ල­වී­මත් සමඟ ඔහුට එරෙ­හිව ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය පරී­ක්ෂ­ණ­යක් ආරම්භ කර ඇත.

දුලිප් සම­ර­වීර ඔස්ට්‍රේ­ලි­යානු කාන්තා ‘ඒ’ කණ්ඩා­යම හා ඉන්දීය ‘ඒ’ කණ්ඩා­යම අතර පැවැ­ත්වෙන තර­ගා­ව­ලියේ පුහු­ණු­කරු තන­තු­රක් දැරී­මට නිය­මි­තව සිටි නමුත් මේ විෂ­මා­චාර චෝදනා අනා­ව­ර­ණය වීමත් සම­ඟම එම තන­තු­රින් ඉව­ත්කොට ඇත.

මේ විෂ­මා­චාර චෝදනා සම්බ­න්ධ­යෙන් පරී­ක්ෂ­ණය ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රිකට් ආය­ත­නය සිදු කරන අතර, එයට අම­ත­රව චර්යා­ධර්ම සංග්‍ර­හ­යට අදාළ පරී­ක්ෂ­ණ­යක් ඉදි­රි­යේදී පැවැ­ත්වී­මට ද නිය­මිත බව ඔස්ට්‍රේ­ලි­යාවේ ‘හෙරල්ඩ්’ පුව­ත්පත සඳ­හන් කර සිටී.

ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක 52 හැවි­රිදි දුලිප් සම­ර­වීර ඔස්ට්‍රේ­ලි­යාවේ පදිං­චි­යට ගිය අතර එහිදී ඔහු දශ­ක­ය­කට වැඩි කාල­යක් පුහු­ණු­ක­රු­වකු ලෙස කට­යුතු කර­මින් සිටී. එම කාලය තුළදී ඔහු ඔස්ට්‍රේ­ලි­යාවේ කාන්තා ක්‍රිකට් පුහු­ණු­ක­රු­වෙක් ලෙස සේවය කළේය.

ඔහු වික්ටෝ­රියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩා­යමේ ප්‍රධාන පුහු­ණු­කරු ලෙස කට­යුතු කළ අතර, සති දෙක­කට පසු එම භූමි­කා­වෙන් ඉවත් වූවේය. දුලිප් සම­ර­වීර 1993 – 95 කාල­සී­මා­වේදී ශ්‍රී ලංකාව වෙනු­වෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT