ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර විසින් ඔස්ට්‍රේලියානු කාන්තා ‘ඒ’ කණ්ඩායමේ ක්‍රිකට් ක්‍රීඩිකාවකට බරපතළ විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ලවීමත් සමඟ ඔහුට එරෙහිව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
දුලිප් සමරවීර ඔස්ට්‍රේලියානු කාන්තා ‘ඒ’ කණ්ඩායම හා ඉන්දීය ‘ඒ’ කණ්ඩායම අතර පැවැත්වෙන තරගාවලියේ පුහුණුකරු තනතුරක් දැරීමට නියමිතව සිටි නමුත් මේ විෂමාචාර චෝදනා අනාවරණය වීමත් සමඟම එම තනතුරින් ඉවත්කොට ඇත.
මේ විෂමාචාර චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණය ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය සිදු කරන අතර, එයට අමතරව චර්යාධර්ම සංග්‍රහයට අදාළ පරීක්ෂණයක් ඉදිරියේදී පැවැත්වීමට ද නියමිත බව ඔස්ට්‍රේලියාවේ ‘හෙරල්ඩ්’ පුවත්පත සඳහන් කර සිටී.
ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක 52 හැවිරිදි දුලිප් සමරවීර ඔස්ට්‍රේලියාවේ පදිංචියට ගිය අතර එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් පුහුණුකරුවකු ලෙස කටයුතු කරමින් සිටී. එම කාලය තුළදී ඔහු ඔස්ට්‍රේලියාවේ කාන්තා ක්‍රිකට් පුහුණුකරුවෙක් ලෙස සේවය කළේය.
ඔහු වික්ටෝරියා ප්‍රාන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ අතර, සති දෙකකට පසු එම භූමිකාවෙන් ඉවත් වූවේය. දුලිප් සමරවීර 1993 – 95 කාලසීමාවේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරග 7ක් සහ එක්දින තරග 5ක් ක්‍රීඩා කළේය.