Thursday, May 8, 2025
Home » චම­රිලා සීපී­එල් කිරුළ දිනති

චම­රිලා සීපී­එල් කිරුළ දිනති

by damith
August 31, 2024 1:16 am 0 comment

බට­හිර ඉන්දීය කොදෙ­ව්හිදී පැවති කාන්තා කැරි­බි­යන් ප්‍රිමි­යර් ලීග් ක්‍රිකට් තර­ගා­ව­ලියේ ශූර­තාව දිනා ගැනී­මට චමරි අත­පත්තු ක්‍රීඩා කළ බාබ­ඩෝස් රෝයල්ස් කණ්ඩා­යම සමත් විය.

පෙරේදා පැවති තර­ගා­ව­ලියේ අව­සන් තර­ග­යේදී බාබ­ඩෝස් පිල හමුවේ හර්ෂිතා සම­ර­වි­ක්‍රම ක්‍රීඩා කළ ට්‍රින්බැගෝ නයිඩ් රයි­ඩර්ස් පිල කඩුලු 4කින් පරා­ජ­යට පත් විය.

තර­ගයේ පළ­මුව පන්දු­වට පහ­ර­දුන් ට්‍රින්බැගෝ පිල ලකුණු 93කින් නතර කළ බාබ­ඩෝස් ක්‍රීඩි­කාවෝ කඩුලු 6ක් දැවී තිබි­යදී ජය තහ­වුරු කර ගත්තේ ඕවර 15කදීය.

චමරි අත­පත්තු පන්දු 47කදී හතරේ පහර 7ක් සමඟ නොදැවී ලකුණු 39ක් රැස් කර­මින් බාබ­ඩෝස් ජය තහ­වුරු කළාය. මේ තර­ග­යේදී හර්ෂි­තාට ක්‍රීඩා කිරී­මට අව­ස්ථා­වක් නොලැ­බිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT