Home » ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් පිල තුන්කොන් සට­න­කට ඔස්ට්‍රේ­ලි­යා­වට

ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් පිල තුන්කොන් සට­න­කට ඔස්ට්‍රේ­ලි­යා­වට

by damith
August 31, 2024 1:14 am 0 comment

ශ්‍රී ලංකා අවු­රුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩා­යම ඔස්ට්‍රේ­ලි­යාවේ තුන්කොන් ක්‍රිකට් තර­ගා­ව­ලි­ය­කට එක්වී­මට නිය­මි­තය.

මේ තර­ගා­ව­ලිය ශ්‍රී ලංකාව, ඔස්ට්‍රේ­ලි­යාව සහ නව­සී­ල­න්තයේ අවු­රුදු 19න් පහළ කාන්තා කණ්ඩා­ය­ම්වල සහ­භා­ගි­ත්ව­යෙන් පැවැ­ත්වෙන අතර, එය විස්සයි20 සහ එක්දින තර­ගා­වලි දෙක­කින් සම­න්වි­තය.

මින් පෙර පසු­ගිය අප්‍රේල් මාස­යේදී ශ්‍රී ලංකා 19න් පහළ කාන්තා කණ්ඩා­යම හම්බ­න්තොට සහ ගාල්ලේදී මෙවැනි තර­ගා­ව­ලි­ය­කට එක් වූ අතර, ඊට එංග­ල­න්තය සහ ඔස්ට්‍රේ­ලි­යාව ද එක් විය.

විස්සයි20 තර­ගා­ව­ලි­යේදී ශ්‍රී ලංකා පිල ලබන මස 20 වැනිදා නව­සී­ල­න්ත­යට එරෙ­හිව පළමු තර­ග­යට පිවි­සෙන අතර, එහිදී සෙසු කණ්ඩා­යම් දෙකට එරෙ­හිව තරග 2ක් බැගින් ක්‍රීඩා කළ යුතුය. එක්දින තරග දෙක සැප්තැ­ම්බර් 30 ඔස්ට්‍රේ­ලි­යා­වට එරෙ­හි­වත් ඔක්තෝ­බර් 1 නව­සී­ල­න්ත­යට එරෙ­හි­වත් පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ විස්සයි20 තරග කාල­ස­ට­හන

සැප්. 20 දා: ශ්‍රී ලංකා – නව­සී­ල­න්තය (ඇලාන් පෙටි­ග්රිව් ඕවල් පිටි­යේදී)

සැප්. 22 දා: ශ්‍රී ලංකා – ඔස්ට්‍රේ­ලි­යාව (ඉයන් හීලි ඕවල් පිටි­යේදී)

සැප්. 25 දා: ශ්‍රී ලංකා – ඔස්ට්‍රේ­ලි­යාව (බිල් පිපෙන් ඕවල් පිටි­යේදී)

සැප්. 26 දා: ශ්‍රී ලංකා – නව­සී­ල­න්තය (බිල් පිපෙන් ඕවල් පිටි­යේදී)

එක්දින තරග

සැප්. 30 දා: ශ්‍රී ලංකා – ඔස්ට්‍රේ­ලි­යාව (ඇලාන් පෙටි­ග්රිව් ඕවල් පිටි­යේදී)

ඔක්. 1 දා: ශ්‍රී ලංකා – නව­සී­ල­න්තය (ඇලාන් පෙටි­ග්රිව් ඕවල් පිටි­යේදී)

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT