Sunday, May 11, 2025
Home » ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණයට ඊශ්‍රායල-හමාස් තුන්දින සටන් විරාමයක්

ගාසා තීරයේ පෝලියෝ එන්නත්කරණයට ඊශ්‍රායල-හමාස් තුන්දින සටන් විරාමයක්

-දරුවන් හය ලක්ෂයක් එන්නත් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේක්ෂාවයි

by sachintha
September 2, 2024 2:39 am 0 comment

ගාසා තීරයේ ලක්ෂ සංඛ්‍යාත දරුවන්ට පෝලියෝ එන්නත ලබාදීමේ දැවැන්ත වැඩසටහනක් මේ වනවිට ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. වසර 25කට පසු පළමුවතාවට ගාසා තීරයෙන් පෝලියෝ ආසාදිත දරුවකු සොයා ගැනීමෙන් පසුව එම කලාපයේ දරුවන් ලක්ෂ ගණනාවකගේ ජීවිත අවදානම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය හා ලෝක සෞඛ්‍ය සංවිධානය කළ ඉල්ලීම්වලට ප්‍රතිචාර දක්වමින් ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය එම අත්‍යවශ්‍ය එන්තත්කරණයට අවස්ථාව ලබාදෙමින් තාවකාලික තුන්දින සටන් විරාමයකට එකඟතාව පළ කර ඇතැයි ද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

පෝලියෝ එන්නත්කරණය සඳහා සිය දරුවන් රැගෙන එන මාපියන්ගේ දිගු පෝලිම් මේ වන විට ගාසා තීරයේ දක්නට ලැබෙන බවත්, දරුවන් හයලක්ෂ හතළිස් දහසකට පෝලියෝ එන්නත ලබාදීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අරමුණ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

ගාසා තීරයේ නගර තුනක් කේන්ද්‍ර කරමින් පෝලියෝ එන්නත්කරණය සිදු කිරීමට නියමිතව ඇති අතර, එහි පළමු අදියර ලෙස මධ්‍යම ගාසා නුවර දරුවන් එක්ලක්ෂ පනස්දහසක් එන්නත්කරණයට ලක් කිරීම ලෝක සෞඛ්‍ය සංවිධානයේ අපේක්ෂාව වී තිබේ. සති 4කට පසු එම දරුවන්ට දෙවැනි එන්නත ලබාදීමට සැලසුම් කර ඇති අතර, ගාසා තීරයේ අවුරුදු 10ට අඩු දරුවන්ගෙන් 90% කට එන්නත්කරණය අනිවාර්ය කර ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT