Saturday, May 10, 2025
Home » පෝලියෝ එන්නත්කරණය මැද ගාසා තීරයෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 6ක්

පෝලියෝ එන්නත්කරණය මැද ගාසා තීරයෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු 6ක්

by sachintha
September 2, 2024 1:43 am 0 comment

පෝලියෝ එන්නත්කරණ වැඩසටහන වෙනුවෙන් තාවකාලික තුන්දින සටන් විරාමයකට එකඟතාව පළ කිරීමෙන් පසු ගාසා තීරයෙන් ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනකුගේ මළ සිරුරු සොයා ගත් බව ඊශ්‍රායල හමුදාව ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ. නිවේදනයක් නිකුත් කරමින් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කර ඇත්තේ දකුණු ගාසා තීරයේ රෆා නුවර උමං මාර්ගයකින් එම මළ සිරුරු සොයා ගත් බවය. ඊශ්‍රායල හමුදාව එම ස්ථානයට ළඟාවීමට මොහොතකට පෙර හමාස් ත්‍රස්තවාදීන් ඉතා කුරුරි ලෙස ඔවුන් ඝාතනය කර තිබූ බව ඊශ්‍රායල හමුදාවේ ප්‍රකාශකයකු සඳහන් කර ඇතැයි ද වාර්තා වේ. මිය ගොස් සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගේ අනන්‍යතාව ද මේ වන විට සොයා තිබේ.

කෙසේ වුවද ප්‍රාණ ඇපකරුවන්ගේ මළ සිරුරු සොයා ගැනීමේ සිදුවීම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් හමාස් සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ සටන් විරාමයට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කළ ඊශ්‍රායල හමුදාව ප්‍රාණ ඇපකරුවන්ගේ ඝාතනයට වගකිව යුතු බවය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT