Home » අරාබි මුහුදේ සුළි කුණාටුව ඕමානයට පාකිස්තානයේ අවදානම තුරන් වෙයි

අරාබි මුහුදේ සුළි කුණාටුව ඕමානයට පාකිස්තානයේ අවදානම තුරන් වෙයි

by sachintha
September 2, 2024 1:44 am 0 comment

අධික වර්ෂාව සහ කුණාටු සහිත සුළං හේතුවෙන් අරාබි මුහුදේ සිදුවූ ගැඹුරු පීඩන අවපාතයක් සුළි කුණාටුවක් ලෙස කරච්චි නුවරින් රටට ඇතුළුවනු ඇතැයි පාකිස්තානයේ කාලගුණ විද්‍යා ඒකකය අනතුරු ඇඟවූවද, එය කරච්චි නුවරට කිලෝමීටර් 500ක් ඈතින් ඕමානය දෙසට ගමන් කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. එය ‘අස්නා’ සුළි කුණාටුව ලෙස නම් කර තිබූ අතර, මේ වන විට අරාබි මුහුදට වයඹ දෙසින් ඕමානයේ මස්කට් අගනුවරට කිලෝමීටර් 430ක් නැඟෙනහිරෙන් ගමන් කරමින් තිබෙන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

ඊයේ පස්වරුව වන විට අස්නා සුළි කුණාටුව හේතුවෙන් ඕමානයට දැඩි වර්ෂාපතනයක් ඇද වැටෙනු ඇතැයි එරට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළ කර තිබූ අතර. මුහුදේ සුළං තත්ත්වය ප්‍රචණ්ඩ වීමේ අවදානම මත මුහුදු නොයන ලෙස ඕමානයට ආසන්න පාකිස්තාන ප්‍රාන්තයක් වන බලුකිස්තානයේ ධීවර ජනතාවට උපදෙස් ලැබී ඇතැයි ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT