Home » පාකිස්තානයේ හා පිලිපීනයේ ආසාදිතයන් ඉහළ යද්දී යුනිසෙෆ් ආයතනය වඳුරු උණ එන්නතට ටෙන්ඩර් කැඳවයි

පාකිස්තානයේ හා පිලිපීනයේ ආසාදිතයන් ඉහළ යද්දී යුනිසෙෆ් ආයතනය වඳුරු උණ එන්නතට ටෙන්ඩර් කැඳවයි

by sachintha
September 2, 2024 1:45 am 0 comment

අප්‍රිකානු මහාද්වීපයෙන් ලොවට ව්‍යාප්ත වූ වඳුරු උණ වයිරසය ආසාදිත තවත් පුද්ගලයකු පාකිස්තානයෙන් හඳුනා ගැනීමටත් සමඟ එරට වඳුරු උණ ආසාදිතයන්ගේ ගණන 4 දක්වා ඉහළ ගිය බවත්, පිලිපීනයෙන් ද තවත් ආසාදිතයන් තිදෙනකු හඳුනාගෙන ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඊයේ පාකිස්තානයේ පෙෂාවර් නුවරින් සිවුවැනි වඳුරු උණ රෝගියා හමු වී ඇති අතර, 47 හැවිරිදි මේ පුද්ගලයා මැදපෙරදිග රටකින් පැමිණි අයකු බවට හඳුනාගෙන ඇතැයි වාර්තා වේ. මේ වන විට රෝගියා හුදෙකලා කර ඇතැයි ද, ඔහු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ අය පිළිබඳ සොයමින් සිටින බව ද වාර්තා වේ. පිලිපීනයෙන් හමුවූ වඳුරු උණ ආසාදිතයන්ගෙන් දෙදෙනකු මැනිලා අගනුවරින් ද, තවත් ආසාදිතයකු කලබර්සොන් ප්‍රාන්තයෙන් ද සොයා ගෙන ඇතැයි වාර්තා වේ.

මේ අතර ලොව පුරා දරුණු වසංගතයක් බවට පත්වීමට පෙර වඳුරු උණ වයිරසය පාලනය කිරීමේ අරමුණින් යුනිසෙෆ් ආයතනය වඳුරු උණ එන්නත් මිලදී ගැනීම සඳහා හදිසි ටෙන්ඩර් කැඳවීමක් සිදු කර ඇතැයි ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. ලොව වඩාත් ධනවත් රටවල සහයෝගයෙන් සෙසු රටවලට එම එන්නත පරිත්‍යාග කිරීමට අවශ්‍ය කටයුතු යුනිසෙෆ් ආයතනය විසින් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT