Home » වඩුක්කෝඩෙයි පොලිසියේ නිලධාරියෙක් සේවා ස්ථානයේදීම මිය ගිහින්

වඩුක්කෝඩෙයි පොලිසියේ නිලධාරියෙක් සේවා ස්ථානයේදීම මිය ගිහින්

by sachintha
September 2, 2024 1:33 am 0 comment

යාපනය, වඩුක්කෝඩෙයි පොලිසියේ සේවය කළ පොලිස් නිලධාරියකු පොලිසිය තුළම මිය ගොස් පෙරේදා (31) බිම වැටී තිබේ.

හදිසියේ එක්වරම බිම ඇද වැටුණු එම නිලධාරියාගේ මුඛයෙන් රුධිරය වහනය වීමට පටන් ගෙන ඇති අතර, ඔහු යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බව රෝහලේ වෛද්‍යවරුන් ප්‍රකාශ කර තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ බදුල්ල, භාරතී පාරේ පදිංචි පෙරියසාමී දිවාකරන් නමැති 26 හැවිරිදි පොලිස් නිලධාරියෙකි. ඔහු මියයන්නට ඇත්තේ හෘදයාබාධයක් වැලඳීමෙන් බවට සැක කෙරෙන අතර, ඔහුගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා යොමු කර ඇත.

වඩුක්කෝඩෙයි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT