රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීති විරෝධී ලෙස රැගෙනවිත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටියදී ඊයේ (01) අලුයම පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් එම ගුවන් මගියා සමඟ දුම්වැටි තොගය අත්අඩංගුවට ගෙන තිබේ.
මොහු 30 හැවිරිදි වියේ පසුවන රූපලාවණ්‍ය උපකරණ සහ ආලේපන විදේශ රටවල සිට මෙරටට ගෙනැවිත් අලෙවි කිරීමේ නිරත පානදුර ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකි.
මොහු ඊයේ (01) අලුයම 02.20ට දෝහා සිට කටාර් ගුවන් සේවයේ කිව්. ආර්. – 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළට පැමිණ තිබුණි.
ඔහු විසින් රැගෙන ආ රූපලාවණ්‍ය උපකරණ සහ ආලේපන අඩංගු ගමන් මලුවල මේ “ප්ලැටිනම් කූල්” සහ “ප්ලැටිනම් ඩබල් මික්ස්” වර්ගයේ දුම්වැටි 20,000ක් අඩංගු දුම්වැටි කාටූන් 100ක් සඟවා ගෙන සිටියදී මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණි.
පසුව මොහු පොලිස් ඇප මත මුදා හැරීමට පියවර ගෙන තිබූ අතර, හෙට (03) මොහු සමඟ නීති විරෝධී ලෙස රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගය මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
කටුනායක – ටී. කේ. ජී. කපිල