Saturday, May 10, 2025
Home » විචිත්‍ර ධර්ම කථික බොරැල්ලේ කෝවිද හිමියෝ අපවත් වෙති

විචිත්‍ර ධර්ම කථික බොරැල්ලේ කෝවිද හිමියෝ අපවත් වෙති

by sachintha
September 2, 2024 2:36 am 0 comment

දෙස් විදෙස් ප්‍රචලිත විචිත්‍ර ධර්ම කථික මෙන්ම ධර්ම ග්‍රන්ථ කර්තෘවරයකු වූ කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරස්ථානාධිපති, ශ්‍රී සද්ධර්මවාගීස්වර බොරැල්ලේ කෝවිද හිමියෝ ඊයේ (01) අපවත් වූහ.

රෝගාතුරව කොළඹ මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ දින ගණනක් ප්‍රතිකාර ලැබූ උන් වහන්සේ අපවත් වන විට 48 වැනි වියේ පසුවිය.

අද (02) උදෑසන සිට උන් වහන්සේගේ ශ්‍රී දේහය කොළොන්නාව රාජමහා විහාරයේ තැන්පත් කර තැබෙන අතර, ආදාහන පූජෝත්සවය 03 වැනිදා සවස 6ට කොළාන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව කොළොන්නාව පුරාණ රාජමහා විහාරාධිපති, කොළොන්නාවේ ධම්මික නාහිමියන් ඇතුළු ආදාහන කමිටුව ශාසනාලයෙන් යුතුව දන්වා සිටී.

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන සහ

මුල්ලේරියාව සිරිසේන ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT