Thursday, May 8, 2025
Home » උඩුනුවර පක්ෂ රැසක අපේක්ෂක‍ෙයා් ජනපතිට සහය දක්වති

උඩුනුවර පක්ෂ රැසක අපේක්ෂක‍ෙයා් ජනපතිට සහය දක්වති

by sachintha
September 2, 2024 1:38 am 0 comment

පළාත් පාලන මැතිවරණය සඳහා උඩුනුවර මැතිවරණ කොට්ඨාසය නියෝජනය කරමින් සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ ගණනාවකින් නාම යෝජනා භාර දී තිබූ 51 දෙනකු ඉදිරි ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට තීරණය කර තිබේ.

උඩුනුවර එජාප ආසන සංවිධායක ලහිරු මධුසංඛ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (01) උඩුනුවර, දවුලගල සමුපකාර ශාලාවේදී පැවති පක්ෂ ක්‍රියාකාරී හමුවකදී මේ පිරිස රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කටයුතු කරන බව දැනුම් දුන්නේය.

මේ පිරිස සමඟි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සමස්ත ලංකා මහජන කොංග්‍රසය සහ ස්වාධීන කණ්ඩායම් යටතේ පළාත් පාලන මැතිවරණයට නාම යෝජනා භාරදී තිබිණි.

මෙහිදී අදහස් දැක්වූ මහනුවර දිස්ත්‍රික් එජාප සම්මේලනයේ සභාපති චානක අයිලප්පෙරුම මහතා මෙලෙස ද කීවේය.

“ගෝඨාභය රාජපක්ෂ මහතා අගමැති ධුරය භාරදීමට ආරාධනා කළ අවස්ථාවේ පලා ගිය සජිත්, අනුර මේ වන විට ජනතාව මුළා කිරීමේ ව්‍යාපාරයක නිරතව සිටිනවා. සමෘද්ධිලාභීන් සියලු දෙනාට රුපියල් 20,000ක දීමනාවක් දෙන බවත්, රජයේ සේවකයන්ට රුපියල් 24,000ක දීමනාවක් දෙන බවත් පවසන සජිත් මේ රටේ ජනපති ධුරයට පත්වුවහොත් ඉතා කෙටි කාලයකදී රටේ ආර්ථිකය යළි කඩා වැටෙනවා.”

මහනුවර දිස්ත්‍රික් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, උඩුනුවර ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති බන්දුල සෙනෙවිරත්න, ගම්පොළ එජාප සංවිධායක හිටපු නගරාධිපති සමන්ත අරුණ කුමාර, එක්සත් ජාතික පක්ෂ මහනුවර දිස්ත්‍රික් කළමනාකාර නීතිඥ සුජිත් කාරියවසම් මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

අසේල කුරුළුවංශ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT