ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පෙරේදා (31) මධ්‍යම රාත්‍රී 12 සිට අඩු කර තිබේ. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය.
ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 344.00ක්ව පැවැති අතර එහි මිල රුපියල් 12.00කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 332.00කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 379.00ක්ව පැවැති අතර එහි මිල රුපියල් 2.00කින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 377.00කි.
ලංකා සුදු ඩීසල් මිල රුපියල් 317.00ක්ව පැවැති අතර එහි මිල රුපියල් 10.00 කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 307.00කි.
ලංකා සුපිරි ඩීසල් රුපියල් 355.00 ක්ව පැවැති අතර එහි මිල රුපියල් 3.00කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 352.00කි. ලංකා භූමිතෙල් මිල රුපියල් 202.00ක්ව පැවැති අතර එහි මිල නොවෙනස්ව පවතී.
රක්ෂණ ශ්‍රියන්ත