Sunday, May 11, 2025
Home » පෙට්‍රල් 12කින් ඩීසල් 10කින් – ඉන්ධන මිල අඩු කරයි

පෙට්‍රල් 12කින් ඩීසල් 10කින් – ඉන්ධන මිල අඩු කරයි

by sachintha
September 2, 2024 1:03 am 0 comment

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඉන්ධන මිල ගණන් පෙරේදා (31) මධ්‍යම රාත්‍රී 12 සිට අඩු කර තිබේ. ඒ අනුව ඉන්ධන ලීටරයක නව මිල දර්ශනය මෙසේය.

ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 රුපියල් 344.00ක්ව පැවැති අතර එහි මිල රුපියල් 12.00කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 332.00කි. ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 රුපියල් 379.00ක්ව පැවැති අතර එහි මිල රුපියල් 2.00කින් පහත දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 377.00කි.

ලංකා සුදු ඩීසල් මිල රුපියල් 317.00ක්ව පැවැති අතර එහි මිල රුපියල් 10.00 කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 307.00කි.

ලංකා සුපිරි ඩීසල් රුපියල් 355.00 ක්ව පැවැති අතර එහි මිල රුපියල් 3.00කින් පහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල වන්නේ රුපියල් 352.00කි. ලංකා භූමිතෙල් මිල රුපියල් 202.00ක්ව පැවැති අතර එහි මිල නොවෙනස්ව පවතී.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT