ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනය පක්ෂයේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ රත්නදීප හෝටලයේ දී අද (02) පෙරවරු 10ට එළි දැක්වේ.
අනාගත පරපුරේ අභියෝග ජයගනිමින් තිරසර සංවර්ධනයකට මඟ කියන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ප්‍රතිපත්තිමය ඉලක්ක සහ නව්‍යකරණ වැඩපිළිවෙළ 2025-2035 මෙලෙස ජනගත කෙරේ. එම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මුල් පිටපත හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත පසුගියදා (30) සුබ මොහොතින් පිළිගැන්විණි. පසුගිය 2005 වසරේ සිට 2015 වසර දක්වා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කළ සංවර්ධනය නැවතත් වේගයෙන් සංවර්ධිත දිශාවකට රැගෙන යෑම ඇතුළු සියලු අංශ ආවරණය වන පරිදි මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනය සකස් කර තිබේ.
රණවිරුවන්ගේ හද ගැස්ම හඳුනන දේශපාලන බලවේගයක් ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා බිහිකළ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ තම ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළින් රටේ සංවර්ධනය සහ තරුණ තරුණියන්ගේ අනාගතය සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ග සහ පවතින අභියෝග පරදා රට ඉදිරියට ගෙන යන වැඩපිළිවෙළ ඇතුළත් කර තිබෙන අතර, එම සැලසුම් නියත වශයෙන්ම ක්‍රියාවට නංවන බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතා පවසයි.
නුවන් කොඩිකාර, මහින්ද අලුත්ගෙදර