ජනතාවගේ ජාන එකතු කිරීමට සුවසැරිය ගිලන් රථ සේවාව ලංකාවට ගෙන එන බවට එදා චෝදනා කළ ජනතා විමුක්ති පෙරමුණ අද සුවසැරිය රථ සේවාව හොඳ බව පිළිගෙන ඇතැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ සමගි ජන සන්ධාන පෙරේදා (31) පැවැත්වූ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
එහි දී ඒ මහතා මෙසේද කීවේය.
“ජනාධිපතිවරණයේ දී ඡන්දය ලබාදීමේ දී ජනතාව ඉතාම කල්පනාකාරීව ඡන්දය ලබාදිය යුතුයි. ජනාධිපතිවරණයට ඉදිරිපත්වන අපේක්ෂයන් දේශපාලනයේ සිටි කාලයේ දී රට වෙනුවෙන්, ජනතාව වෙනුවෙන් මොනවාද කරලා තියෙන්නේ කියලා ජනතාව සොයා බලන්න ඕන.
ඒ වගේම අනුර කුමාර දිසානායක වසර කිහිපයකට වඩා වෛරයෙන් සිදුකළ ප්‍රකාශ අද වනවිට වෙනත් ක්‍රමවේදයකට ජනතාවට ඉදිරිපත් කරමින් සිටිනවා. නමුන් අනුර කුමාරගේ, හරිනි අමරසූරියගේ කතාව වෙනස් වුණාට ජනතා විමුක්ති පෙරමුණේ පදනම වෙනස් වෙන්නේ නෑ. ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයනුත් වෙනස් වෙලා නෑ. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කළේ සමාජවාදය සමඟ බිහිසුණු ත්‍රස්තවාදය. අද වනවිට ජනතා විමුක්ති පෙරමුණ අන්ත ධනවාදී ප්‍රතිපත්තියක් තමයි අනුගමනය කරන්නේ. අනුර කුමාර දිසානායක කියනවා සුජීව සේනසිංහ හොරෙක් කියලා. සුජීව සේනසිංහට විරුද්ධව චෝදනාවක් තිබෙනවානම් ඔප්පු කරලා පෙන්වන්න. ජනතා විමුක්ති පෙරමුණට ලැබෙන මුදල් කොහෙන්ද ලැබෙන්නේ, කාගෙන්ද ගත්තේ කියලා පුළුවන් නම් ඔප්පු කරලා පෙන්වන්න. ඔවුන් විනිවිදභාවයෙන් යුතුව වැඩ කරන්නේ නෑ.
ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය රචනාවක් විතරයි. මේ වගේම රචනා චන්ද්‍රිකා බණ්ඩාරනායක, මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ ලියලා තිබෙනවා. ඒ වගේම නායකයකුට දක්ෂතාවය, පළපුරුද්ද තිබුණොත් පමණයි රටක් ගොඩගන්න හැකියාව තිබෙන්නේ. ගෝඨාභයත් විවිධ නම් දාගෙන ඇවිත් රටේ ජනතාව බය කළා. අනුර දිසානායකත් ඒ දේම තමයි සිදුකරන්නේ. ජනතාව ඒ කතාවලට රැවටිලා අවසානයේ රට විනාශ වුණා. ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තිබෙන්නේ සංකල්ප විතරයි. කිසිම තැනක නිශ්චිත අදහසක් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරලා නෑ. ඒ වගේම රටට ගෙන ඒමට තිබූ ව්‍යපෘති, ආයෝජනවලට විරුද්ධවෙලා ඒවා කඩාකප්පල් කළ ජනතා විමුක්ති පෙරමුණ අද කියනවා ඒ ව්‍යාපෘති, යෝජනා රටට අවශ්‍ය වෙනවා කියලා. ඔවුන්ගේ අලුත්ම මතවාදය ධනවාදී ආර්ථිකය බවට පත්වෙලා තිබෙනවා. ජනතා විමුක්ති පෙරමුණේ ඇතැම් මුසාවලට පිරිසක් අහුවෙලා ඉන්නේ යැයි ද ඔහු කීවේය.
රක්ෂණ ශ්‍රියන්ත