හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන්ගෙන් අතිබහුතරයක් ස්වාධීන ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වී සිටින බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා පැවසීය.
නියෝජ්‍ය කථානායකවරයා මේ බව පැවසුවේ ඉකුත් 28 වැනිදා අම්බලන්ගොඩදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය කථානායකවරයා මෙලෙස ද කීවේය.
“හම්බන්තොට දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන දොළහෙන් නවයකම සභාපතිවරුන් රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවීමට තීරණය කර තිබෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගම් මට්ටමින් පොදු මහජනතාව රනිල් වික්‍රමසිංහ මහතා දිනවීමට පෙළගැසී සිටිනවා.
රටේ අනාගතය සහ වර්තමාන දරු පරපුරේ අනාගය පිළිබඳව ඉතා ගැඹුරුව සිතා බලා මේ පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් මේ ඓතිහාසික තීන්දුව ගත්තා. ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැප වෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ අතිබහුතරයක් ජනතාවගේ තීරණයත් එයයි. රටේ ඇතිවූ තත්ත්වවලදී අපට පේන දෙයක් තමයි රට ඉදිරියට ගෙන යන්න පුළුවන් එකම නායකයා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා කියලා. ඒ නිසා හම්බන්තොට දිස්ත්‍රික්කයේ දේශපාලනය වශයෙන් ඉතාමත් සුවිශේෂී, විශේෂයෙන් මේ මැතිවරණයේදී අපි ගන්නා තීන්දු. ඒ තීන්දු අපි පැහැදිලි වශයෙන් ගන්නේ රට වෙනුවෙන්. මේක ඇතුළේ පක්ෂ දේශපාලන කිසි දෙයක් නෑ. රට ගැන හිතා රට වෙනුවෙන් මේ වෙලාවේ ජනාධිපතිවරයාට සහයෝගය දෙන්න තීරණය කළා.
අපි විශ්වාස කරනවා, මෙරට දේශපාලන ඉතිහාසයේ මේ මැතිවරණයේදී විශාල වූ ජයග්‍රහණයක් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් අපට ගන්න පුළුවන්කම ලැබෙයි කියලා. හේතුව තමයි මේ මහ පොළොවේ මහජනතාවත් එක්ක ළඟින් දේශපාලනය කරන කණ්ඩායමක් තමයි මේ එකතු වෙලා තියෙන්නේ. ඒ අයට පුළුවන් සැබෑ මහජන නියෝජිතයන් හැටියට ජනතාව පෙළගස්වා සහයෝගය දෙන්න.”