Saturday, May 3, 2025
Home » බංග්ලාදේශයක් වෙන්න ගිය ශ්‍රී ලංකාව ගලවා ගත්තේ ජනපති රනිල්

බංග්ලාදේශයක් වෙන්න ගිය ශ්‍රී ලංකාව ගලවා ගත්තේ ජනපති රනිල්

-විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර

by sachintha
September 2, 2024 1:29 am 0 comment

ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක් ඇතුළත බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරන්නට එරට අරගලකරුවෝ සමත්වූ බවත් ශ්‍රී ලංකාව එම අවසනාවන්ත ඉරණමෙන් අන්තිම පැය විසිහතරේදී බේරා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමත්වූ බවත් විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර මහතා පැවසීය.

ගාල්ල නෙළුව පැවති මහජන හමුවක් අමතමින් ඔහු මේ බව පැවසීය.

ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් මෙලෙසද කීවේය.

“මීට මාස දෙකකට පෙර බංගලිදේශ ආර්ථිකය විනාශ කරන්නට අරමුදල් සැපයූ විදේශීය රටවල් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර පිටුපස සිටිය හැකි බව අප අමතක නොකළ යුතුයි.

සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති බොහෝ කරුණු වත්මන් රජය දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙනයෑමට වඩාත් හොඳ හැකියාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාටයි.

ගෝඨාභය මහත්තයාගේ කාලේ මොකද වුණේ. බදු ආදායම් අහිමි වුණා. බදු කපා හැරියා. පොහොර දෙන්නේ නෑ කීවා. එතකොට ඒ වැරදි තීන්දු ගන්න ද ඔබ ඡන්දේ දුන්නෙ ගෝඨාභය මහත්තයාට. ඒ වැරදි තීන්දු ගන්න කොට කවුද පිටිපස්සෙන් හිටියේ ගෝඨාභය මහත්තයාගේ. වැරදි තීන්දු ගන්නද, මෙතන ඉන්න පොදු ජන පෙරමුණේ අය ඡන්දෙ දුන්නෙ ගෝඨාභය මහත්තයට. නෑ. මේ අය ගෝඨාභය මහත්තයට ඡන්දේ දුන්නේ හරි වැඩ කරන්න. රටේ විනයක් හදන්න. රටේ ක්‍රමයක් හදන්න. ආර්ථිකය හදන්න. හැබැයි උපදෙස් දුන්නේ කවුද? නාලක ගොඩහේවලා, චරිත හේරත්ලා, ඩලස් අලහප්පෙරුමලා. ඔන්න වටේ හිටපු කට්ටිය. වියත් මඟේ කට්ටිය. ඒ අය තමා වැරදි උපදෙස් දුන්නේ. නැත්නම් මහින්ද මහත්තය කරනකොට ඔහොම වුණේ නෑනේ.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT