ජනාධිපතිවරණය සඳහා එක් ඡන්ද දායකයකු හට වියදම් කිරීමට නීතියෙන් අවසර තිබෙනුයේ රුපියල් 109ක මුදලක් බවත් මේ වනවිට අපේක්ෂකයන්, රැස්වීම් සහ අනෙකුත් දේ සඳහා කරන වියදම් පිළිබඳව කිසිදු අයෙකුත් අවධානය යොමු කර නොමැති බවත් මැතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළ ද ඒ මැතිවරණ වියදම් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා තමන් අධිකරණයේ පිහිට පතන බවත් ජනාධිපති අපේක්ෂක රොෂාන් රණසිංහ මහතා පැවසීය. පසුගියදා (30) පෙරවරුවේ දඹුල්ල ප්‍රදේශයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
“මෙරට බහුතරයක් ජනමාධ්‍ය ආයතන ජනාධිපති අපේක්ෂකවරුන් බෙදීමට ලක් කොට ප්‍රධාන පෙළේ අපේක්ෂකයන් බව හුවා දක්වමින් වැරදි ප්රතිරූප මවමින් රට අගාධයට යෑම සඳහා අවශ්‍ය උඩගෙඩි ලබා දෙනවා. ජනමාධ්‍යය සියලු දෙනාටම සමබරව ක්‍රියාත්මක වෙන්න ඕන. මේ වන විට එක මැතිවරණ වේදිකාවකට වියදම් කරන ප්‍රමාණය, බස් රථවලට වියදම් කරන ප්‍රමාණය සහ කටවුට්, බැනර්වලට වියදම් කරන ප්‍රමාණය කීයද කියලා හෙළිදරව් කරන්න. ඡන්ද දායකයකු හට රුපියල් විස්සක මුදලක් ප්‍රමාණවත් බව මම මැතිවරණ කොමිසමට ප්‍රකාශ කළා. නමුත් එය රුපියල් 109ක් දක්වා ඉහළ දැමීම සිදුකරලා තිබෙනවා. දූෂණයෙන්, වංචාවෙන් හැම තැනම පිරිලා ඉතිරිලා ගිහින්. රටේ ජනතාවගේ මුදල් මැතිවරණය සඳහාත් මැතිවරණයෙන් දේශපාලනඥයන්ගේ පවුල් ජීවත් කරවීම සඳහාත් වියදම් කරමින් සිටිනවා. මම ජනාධිපති වුණොත් සියලු වරප්‍රසාද මගේ අතින් වියදම් කරමින් රට කරනවා.”
සීගිරිය විශේෂ