ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයේ නායක සහ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතුකරයේ ජනතාවගේ 80%ක ජන්ද ප්‍රතිශතයක් ලැබෙන බව දමිල ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක සහ නුවරඑළිය දිස්ත්‍රික් පා.ම. එම්. උදයකුමාර් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසූයේ පසුගියදා (29) හැටන් ඩී.කේ.ඩබ්ලිව්. සංස්කෘතික ශාලාවේ පැවති විශේෂ මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
මෙම මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක් වූ එම්. උදයකුමාර් මහතා “වතු කම්කරුවන්ට බොරු පොරොන්දු ලබා දී මෙවර ජනාධිපතිවරණයේ දී කිසිවෙකුටත් ජන්දය ලබාගන්න බැහැ. ජනාධිපතිවරණයේදී මත්පැන් බලපත්‍රවලට, මුදල සහ වරප්‍රසාදවලට ලොල්වී ඇතැම් මන්ත්‍රිවරුන් ජනාධිපතිවරයා සමඟ එක් වෙනවා. ඒ මන්ත්‍රිවරුන්ට සැලකිය යුතු තරම් ඡන්ද ප්‍රතිශතයක් නැහැ. ඔවුන්ට ඉදිරියේ පැමිණෙන මහ මැතිවරණයේදී අන්ත පරාජයක් අත්වෙනවා.”
හැටන් – රංජිත් රාජපක්ෂ