Tuesday, May 13, 2025
Home » රනිල් මහත්තයා මේ පාරත් ජනාධිපති: මගේ සහාය එතුමාට

රනිල් මහත්තයා මේ පාරත් ජනාධිපති: මගේ සහාය එතුමාට

-පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාධලිංගම්

by sachintha
September 2, 2024 1:46 am 0 comment

ටෙලෝ පක්ෂය තමන් පිළිබඳව කුමන තීරණයක් ගනු ලැබුවත් ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනධිපතිවරයාට සහය දීමට මන්ත්‍රීවරයකු වශයෙන් ගත් තීන්දුව වෙනස් නොකරන බව වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විනෝ නෝහරාධලිංගම් මන්ත්‍රීවරයා පැවසීය.මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කරන ලද්දේ පසුගිය දා (28 ) වවුනියාවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක් වූ ඒ මහතා,

“මම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාව මුලින්ම හම්බ වුණේ මෙවර ජනාධිපතිවරණයට නාම යෝජනා ලබා දීමෙන් පසුව නෙමෙයි. ඊට පෙර අවස්ථා කීපයකදීම මම ඔහුව හම්බ වෙලා තියනවා.මම ඔහුගේ දේශපාලන ගමනට, දර්ශනයට, ඉදිරි දැක්මට ආසා කරනවා. ජනාධිපතිවරණයට නාම යෝජනා බාර දීමෙන් පසුව මම ඔහුව වෙනත් අවශ්‍යතාවක් සඳහා කොළඹදී හමු වුණා. වත්මන් දේශපාලන තත්ත්වය ගැන සාකච්ඡා කළා. එහිදී මම තමයි කිව්වේ ඔබතුමාගේ දේශපාලනයට මම කැමැතියි කියලා. එතුමා මට ආරාධනය කළා එතුමා සමග වැඩ කරන්න. මම කෙළින් උත්තරයක් දුන්නේ නෑ. අපේ ටෙලෝ පක්ෂයේ නායකයා මහ ලේකම්වරයා වගේම අනෙක් අය, මම ජනාධිපතිවරයාව හම්බ වුණේ පක්ෂයේ අනුදැනුමකින් තොරව කියලා මට බැන්නා. අවසානෙදී මධ්‍යම කාරක සභාව රැස් වෙලා මට නිදහසට කරුණු දක්වන්න කියලා ඉල්ලීමක් කළා. ඒ අය කියන්නේ ටෙලෝ සංවිධානය මෙවර ජනාධිපතිවරණයේදී දෙමළ පොදු අපේක්ෂකයාට සහය දෙන්න තීරණය කරලා ති‍ෙයන අවස්ථාවක මම ජනාධිපතිවරයා හමු වීම වැරදියි කියලා. මම ඒ චෝදනා එකක්වත් බාර ගත්තේ නෑ. මමත් මට සහය දක්වන පිරිසත් එකතු වෙලා තීරණය කළා මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාට සහය දක්වන්න ඕනේ කියලා.ඒක මගේ ටෙලෝ පක්ෂයට නෙමෙයි වෙන කාටවත් නවත්වන්නත් බෑ. මෙවර ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා මේ රටේ යළිත් ජනාධිපතිවරයා වෙනවා. ඒක වළක්වන්න කාටවත්ම බෑ”

උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT