Home » හඳුනාගන්න මහජන සහාය පතයි

හඳුනාගන්න මහජන සහාය පතයි

by sachintha
September 2, 2024 1:16 am 0 comment

හබරණ – පොලොන්නරුව මාර්ගයේ මොරගස්වැව ප්‍රදේශයේදී ඉකුත් 25 වැනි දින රාත්‍රියේ සිදුවූ බව කියන රිය අනතුරකින් එක් පුද්ගලයකු මියගොස් ඇති බව පවසන හබරණ පොලිසියට, මෙතෙක් එම මරණකරු සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකි වී තිබේ.

අවුරුදු 65ක් පමණ වයසැති මේ පුද්ගලයා අඩි පහක් පමණ උස ඇති අතර තලඑළලු පැහැයෙන් යුක්තය. මොහු මිය යන විට සුදු පැහැති අත්කොට කමිසයකින් සහ කළු ඉරි වැටුණු සරමකින් සැරසී සිට ඇත. මොහු හඳුනා ගැනීමට කිසිදු ලියකියවිල්ලක් ද මොහු සන්තකයේ නොමැති අතර, මෙතෙක් මොහු හඳුනාගැනීමට ද කිසිවකු ඉදිරිපත්වී නොමැත. මේ තත්ත්වය හේතුවෙන් මෙම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ද නොහැකිවී ඇති බැවින් මේ ගැන නීතිමය කටයුතු කිරීම ද ප්‍රමාද වී තිබේ.

එබැවින් මොහු සම්බන්ධයෙන් තොරතුරු සොයා ගැනීමට පොලිසිය මහජන සහාය පතයි. මොහු පිළිබඳ තොරතුරක් දන්නා අයෙක් වෙතොත් ඒ බව 066 – 2270022 දුරකතන අංකයට අමතා හබරණ පොලිසියට දන්වන ලෙස කරුණිකව ඉල්ලා සිටියි.

මාතලේ දිස්ත්‍රික් සමූහ – ඒ.ඒ.එල්. ඩයස්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT