Home » 306/c/2 සිංහ සමාජයේ නව සිංහාධිපතිගෙන් වටින වැඩක්

306/c/2 සිංහ සමාජයේ නව සිංහාධිපතිගෙන් වටින වැඩක්

by sachintha
September 2, 2024 3:36 am 0 comment

306/c/2 සිංහ සමාජයේ නව සිංහාධිපති ධුරයට පත්, සිංහ රංජිත් ප්‍රනාන්දු මහතා විසින් පාදුක්ක ප්‍රදේශයේ පාසල් දරුවන්ට පාසල් පොත් සහ අඩු ආදායම්ලාභී පවුල් කීපයකට වියළි ආහාර පාර්සල් බෙදා දීමේ වැඩසටහනක් පෙරේදා (31) පස්වරුවේ මීපේ හන්දියේදී පවත්වන ලදි.

නව සිංහාධිපති ධුරයට පත් සිංහ රංජිත් ප්‍රනාන්දු මහතා, රත්නපුර සමන් දේවාලයේ පැවැත්වෙන ආශීර්වාද පූජාවකට සහභාගි වීමට යන අවස්ථාවේදී පාදුක්ක පැරඩයිස් සිංහ සමාජය සහ පාදුක්ක සිංහ සමාජය එක්ව සංවිධානය කර තිබූ මෙම වැඩසටහනේදී, ප්‍රථමයෙන් පාදුක්ක සිංහ සමාජයේ සභාපති වෛද්‍ය සිංහ අමල්කා පද්මපෙරුම මහත්මිය විසින් සිංහාධිපතිවරයා පිළිගැනීමෙන් අනතුරුව, සිංහාධිපතිවරයා විසින් මෙලෙස පාසල් පොත් සහ වියළි ආහාර පාර්සල් බෙදා දීම සිදුකරන ලදි. එම අවස්ථාවට පාදුක්ක සිංහ සමාජයේ සභාපති වෛද්‍ය සිංහ අමල්කා පද්මපෙරුම මහත්මිය ඇතුළු සිංහ සාමාජික සාමාජිකාවෝ ද, පාදුක්ක පැරඩයිස් සිංහ සමාජයේ ලේකම් සිංහ පී.ජේ. ගුණතිලක මහතා ඇතුළු සිංහ සාමාජිකයෝ ද, ප්‍රතිලාභී පවුල්වල සාමාජිකයෝ ද, පාසල් දරු දැරියෝ ද රැසක් සහභාගි වූහ.

 

පාදුක්ක සමූහ – රෙක්සි වෙත්තසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT