Home » මීපෙ මධුසර කලායතනයේ දරු දැරියෝ තායිවානයේ ජන නැටුම් සංදර්ශනයකට

මීපෙ මධුසර කලායතනයේ දරු දැරියෝ තායිවානයේ ජන නැටුම් සංදර්ශනයකට

by sachintha
September 2, 2024 3:00 am 0 comment

තායිවානයේ දී සිහිවටන ඵලකයක් පිළිගැන්වූ අවස්ථාව

තායිවානයේ පැවති ජන නැටුම් සංදර්ශනයක් සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වීමට මීපෙ මධුසර කලායතනයේ දරු දැරියන්ට අවස්ථාව ලැබී තිබේ.

තායිවානයේ වසරක් පාසා ජාත්‍යන්තර මට්ටමින් පැවැත්වෙන ජන නැටුම් සංදර්ශනය සඳහා මෙවර රටවල් 20ක දරුවන් සහභාගී වී ඇත. සති දෙකක් පැවැත්වෙන එම සංදර්ශනය උදේ සිට රාත්‍රී වනතුරු පැවැත්වේ. එක් රටකට එක් දිනකට එක් ජන නැටුම බැඟින් ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසේ. ඒ ඒ රටවල්වලට ආවේණික සාම්ප්‍රදායික ජනනැටුම් එහිදී ඉදිරිපත් කෙරේ.

එහිදී සහභාගී වූ කණ්ඩායම් වෙන වෙනම ඇගයීමට ලක් කිරීම ද සිදු විය. මෙහි සම්බන්ධීකරණය ජේ.ඒ. තරිදු ධනංජය විසින් සිදු කරනු ලැබ ඇති අතර, මධුසර කලායතනාධිපතිනි එච්.පී. සෙනෙවිරත්න මහත්මියගේ සහභාගීත්වයෙන් එම කණ්ඩායම් ඉකුත්දා තායිවානයේ සංචාරයෙන් පසු ලංකාවට පැමිණියහ.

 

හංවැල්ල සමූහ – අජිත් හේවසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT