ශ්‍රී ලංකා පිතිකරු කමිඳු මෙන්ඩිස් එල්ල කළ හයේ පහරක් ලෝඩ්ස් මණ්ඩපයේ තරගය නරඹමින් සිටි එම්සීසී සාමාජිකයකුගේ හිසට වැදී සුළු තුවාල සිදුවෙද්දී වේග පන්දු යවන අසිත ප්‍රනාන්දු කීර්තිමත් ලෝඩ්ස් ක්‍රීඩා මණ්ඩපයේ ගෞරව නාම ලැයිස්තුවට ඇතුළත් වූවේය.
එංගලන්ත වේග පන්දු යැවූ ඔලී ස්ටෝන්ගේ කෙටි පන්දුවකට කමිඳු මෙන්ඩිස් හුක් පහරක් එල්ල කළ අතර, හතරේ සීමාවට ඉහළින් පියාසර කළ පන්දුව එම්සීසී සාමාජිකයාගේ හිසේ වැදීමත් සමඟ ඔහු ඇද වැටුණේය. උඩින් එන පන්දුව වාඩිවී සිටි එම්සීසී සාමාජිකයා අල්ලා ගැනීමට උත්සාහ කළ නමුත් එය ඔහුගේ දෑතින් ගිලිහී ගොස් හිසට වැදීමත් සමඟ පාලනයෙන් තොර විය.
වෛද්‍යවරු එළිමහන් ආසනවල වාඩිවී සිටි එම්සීසී සාමාජිකයා දෙසට පැමිණි අතර, ඔහුට විශාල ගැටලුවක් නොමැති බවට හඳුනා ගත්තේය. ඒ සමඟම එතැනට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමඟ එම්සීසී සාමාජිකයා කතා කරන අයුරු දක්නට ලැබුණි. එමෙන්ම ලකුණු 72ක් ලබා සිටියදී දැවීගිය කමිඳු මෙන්ඩිස් යළි මණ්ඩපය වෙත පැමිණෙන විට අසුන්ගෙන සිටි සෙසු සාමාජිකයන්ගෙන් පන්දුව හිසේ වැදුණු රසිකයාගේ තත්ත්වය පිළිබඳව කමිඳු විමසා සිටියේය.
කීර්තිමත් ලෝඩ්ස් ක්‍රීඩා මණ්ඩපයේ ගෞරව නාම ලැයිස්තුවට ඇතුළත් වූ 2 වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්වෙමින් ඉතිහාසගත වූ අසිත ප්‍රනාන්දු ලෝඩ්ස් පිටියේදී කඩුලු 5ක් දවාගත් දෙවැනි ශ්‍රී ලංකා ක්‍රීඩකයා බවට පත්විය. 1991 වසරේදී රුමේෂ් රත්නායක ලෝඩ්ස් පිටියේදී කඩුලු 5ක් දවාගත් පළමු ශ්‍රී ලංකා පන්දු යවන්නා බවට පත්විය.
ප්‍රින්ස් ගුණසේකර