Tuesday, May 13, 2025
Home » අසලංකගේ ශතකය කොළඹ දිනවයි

අසලංකගේ ශතකය කොළඹ දිනවයි

by sachintha
September 2, 2024 1:55 am 0 comment

නායක චරිත් අසලංක වාර්තා කළ ශතකය හේතුවෙන් නැෂනල් සුපර්ලීග් එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයේදී දඹුල්ල පිලට එරෙහිව ඩක්වර්ත් ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක ජයක් හිමි කර ගැනීමට කොළඹ කණ්ඩායම සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඉනිමක් ඕවර 38කට සීමා කරමින් පැවති තරගයේ පළමුව පන්දුවට පහර දුන් කොළඹ පිල ඕවර 38කදී කඩුලු 7ක් දැවී ලකුණු 255ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය දඹුලු පිලට ඕවර 36කදී සියල්ලන් දැවී රැස් කළ හැකි වූයේ ලකුණු 211ක් පමණි.

රවිඳු ප්‍රනාන්දු පන්දු 73කදී හතරේ පහර 10ක් සහ හයේ පහර 3ක් සමඟ නොදැවී ලකුණු 95ක් රැස් කළ ද දඹුලු ජයග්‍රහණයට ප්‍රමාණවත් නොවීය. පුලිඳු පෙරේරා ලකුණු 40ක් සහ ගයන වීරසිංහ ලකුණු 37ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී ප්‍රමෝද් මධුෂාන් සහ දිලුම් සුදීර කඩුලු 3 බැගින් ද චරිත් අසලංක කඩුලු 2ක් ද දවා ගත්හ.

කොළඹ ඉනිමේදී නායක චරිත් අසලංක පන්දු 75කින් ලකුණු 111ක් රැස් කළේ හයේ පහර 4ක් සහ හතරේ පහර 11ක් සමඟිනි. ක්‍රිෂාන් සංජුල ලකුණු 38ක් රැස් කළ අතර, පන්දු යැවීමේදී චමිඳු විජේසිංහ කඩුලු 3ක් දවා ගත්තේය.

නිරෝෂාන් ප්‍රියංකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT