එක්සත් ජනපද සෝයා බෝංචි අපනයන කවුන්සිලයේ සභාපති ලාන්ස් රීසැක් සහ ප්‍රධාන විධායක නිලධාරී ජිම් සටර් යන මහත්වරු ද ඡායාරූපයේ සිටිති.ශ්‍රී ලංකාවේ නිර්මාංශ ආහාර නිෂ්පාදන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන නිව් ඇන්තනීස් සමූහය සිය පරිසර ආරක්ෂණ වැඩපිළිවෙළ සහ තිරසර න්‍යායපත්‍රය වෙනුවෙන් ගෝලීය එක්සත් ජනපද සෝයි සමුළුව වන Soy Connext හිදී ඇගයුමට පාත්‍රවිය. මෙම සමුළුව 2024 අගෝස්තු 19 සිට 21 දක්වා එක්සත් ජනපදයේ සැන්ෆ්‍රැන්සිස්කෝහිදී පැවැත්වුණි.
අමෙරිකානු එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය මඟින් සංවිධානය කරන ලද මෙවර Soy Connext සමුළුව සඳහා රටවල් 60කට අධික සංඛ්‍යාවක් නියෝජනය කරමින් 700කට වැඩි පිරිසක් සහභාගී වූහ. එහිදී වර්තමාන වෙළෙඳපොළ සහ අනාගත ප්‍රවණතා, එක්සත් ජනපදය සෝයා බෝංචි වගාකරුවන්ගෙන් ලබාගත් දැනුම, පෝෂණ විද්‍යාව, ආහාර ලේබල්කරණය සහ ඇසුරුම්කරණය, සැපයුම් දාම සහ තිරසරභාවය වැනි අංශ ගණනාවක් ඔස්සේ සාකච්ඡා සංවාද පැවැත්වුණි.ඉකුත් වසරේ ජූලි මාසයේදී නිව් ඇන්තනීස් සමූහයට සිය නිෂ්පාදනවලට Sustainable U.S. Soy සහ Fed with Sustainable යන එක්සත් ජනපද ප්‍රතීතන සහතික එක්කිරීමේ අවස්ථාව උදාවිය. එම සහතික හිමිකරගත් දකුණු ආසියානු සහ උප සහරා අප්‍රිකානු කලාපයේ පළමු සමාගම වීම ද තවත් විශේෂත්වයකි.
නිව් ඇන්තනීස් සමූහය සතු විශිෂ්ට නායකත්වය සහ දැක්ම හරහා Fed with Sustainable U.S. Soy ලේබලය සමඟින් විශේෂ වෙළෙඳපොළ වාසියක් අත්කර ගැනීමටත් සමත්වී තිබෙනවා. එහි ප්‍රතිඵල හොඳින් පිළිබිඹු වන අතර නිව් ඇන්තනීස් සමූහයේ ඉදිරි වැඩපිළිවෙළටත් එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලය වශයෙන් අපි සුබපැතුම් එක්කරනවා. ඉදිරියේදීත් නිව් ඇන්තනීස් ඇතුළු සමාගම් සමඟ එක්ව තිරසර සෝයා බෝංචි කර්මාන්තයක් වෙනුවෙන් ක්‍රියාකිරීමට අපි බලාපොරොත්තු වෙනවා යනුවෙන් එක්සත් ජනපද සෝයා බෝංචි කවුන්සිලයේ දකුණු ආසියාතික සහ උප සහරා අප්‍රිකානු කලාපීය අධ්‍යක්ෂ කෙවින් රෝප්කේ මහතා පැවසුවේය.