Home » කල්පිටිය වෙරළ තීරයේ දෙතැනකින් බීඩි කොළ කිලෝ 345ක් මාට්ටු

කල්පිටිය වෙරළ තීරයේ දෙතැනකින් බීඩි කොළ කිලෝ 345ක් මාට්ටු

by sachintha
September 3, 2024 12:13 am 0 comment

ඉන්දියාවේ සිට මුහුද මඟින් නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ඇසුරුම් නවයක බහාලන ලද බීඩී කොළ කිලෝග්‍රෑම් 345ක්, කල්පිටිය වෙරළ තීරයේ ස්ථාන දෙකකින් ශ්‍රී ලංකා නාවුක නෞකා විජය ආයතනය විසින් ඉකුත් 31 වැනිදා පස්වරුවේ සොයා ගෙන ඇත.

කල්පිටිය පොලිස් බලප්‍රදේශයට අයත් එරඹු කුඩැල්ල මුහුදු තීරයෙන් කිලෝග්‍රෑම් 169 කින් යුතු බීඩී කොළ ඇසුරුම් 4ක් ද කප්පල් අඩිය මුහුදු තීරයෙන් කිලෝග්‍රෑම් 176 කින් යුතු ඇසුරුම් 5ක් ද මෙසේ සොයාගෙන ඇත. සැකකරුවන් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත. මෙම බීඩි කොළ ඉදිරි නීතිමය කටයුතු සඳහා නාවුක හමුදා භාරයේ තබා ගෙන ඇත.

කල්පිටිය සමූහ – කුමාරී පද්මලතා

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT