Home » මෝටර් රථයේ ගැටුණු යතුරුපැදියේ තිදෙනාම බීමතින්

මෝටර් රථයේ ගැටුණු යතුරුපැදියේ තිදෙනාම බීමතින්

-මෝටර් රථයට බරපතළ හානි පැදිකරුවන් තිදෙනාටම තුවාල

by sachintha
September 3, 2024 1:15 am 0 comment

පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරේ ගණකාධිකාරීවරිය ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයේ තිදෙනෙකු ගමන්ගත් යතුරුපැදියක් බණ්ඩාරගම කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ගල් කඩේ හන්දිය ප්‍රදේශයේදී මුහුණට මුහුණ ගැටී අනතුරට ලක්වූ බව බණ්ඩාරගම පොලිසිය පවසයි.

එම අනතුරින් එම පුද්ගලයන් තිදෙනාම තුවාල ලැබූ අතර සියලු දෙනාම අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට අනාවරණය වී යැයි පොලිසිය සඳහන් කරයි.

නීතිපති දෙපාර්තමේන්තුව මඟින් පොලිස් විශේෂ කාර්ය බළකාය වෙත පවරා ඇති සුඛෝපභෝගී මෝටර් රථය ගණකාධිකාරි වෙත නිකුත් කර ඇති අතර පොලිස් සැරයන්වරයකු රියැදුරු ලෙස කටයුතු කරන බව පොලිසිය සඳහන් කරයි.

රාජකාරී නිමවූ ගණකාධිකාරීවරිය බණ්ඩාරගම නිවස කරා ඇරලීමේදී ප්‍රතිවිරුද්ධ දිශාවේ සිට අපරීක්ෂාකාරී ලෙස පැමිණි යතුරුපැදිය මෝටර් රථයේ ඉදිරිපස ගැටී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය පවසයි.

අනතුර වන අවස්ථාවේදී යතුරුපැදියේ පැදිකරු ලෙස කටයුතු කළ පුද්ගලයාට බලපත්‍ර නොතිබූ බවත් තිදෙනාම හිස් වැසූම් පැලඳ නොසිට ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

අනතුරින් මෝටර් රථයේ ඉදිරිපස බපරයට බොනොට් එක සහ වාමුවාට සහ ඉදිරි අභ්‍යන්තරයේ කොටස් රැසකට දැඩි අලාභ සිදුවී ඇත.

පැදිකරු බණ්ඩාරගම මැදගම පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT