කොළඹ වරාය පරිශ්‍රයේ යූ.ටී.සී අංගණය තුළ බහලුම් පටවා නවතා තිබූ ලොරි රථයක තිබී මීට දින පහකට ඉහතදී පමණ මිය ගිය බවට සැක කෙරෙන රියැදුරුවරයකුගේ මළ සිරුරක් වරාය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් ඊයේ (02) දහවල් සොයාගෙන තිබේ. මෙම සිරුර සොයාගන්නා අවස්ථාවේ ඉදිමී සිරුර නරක්වී තිබූ බවත් වරාය ආරක්ෂ නිලධාරීහු පවසති. මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 58ක් පමණ වන අංගොඩ කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.පී.අරුණ නැමැති රියදුරුවරයෙකි.
මරණයට හේතුව අනාවරණය වී නැත.
රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරීමේ ක්‍රමවේදය සහ නිසි ක්‍රමවේදයකින් තොරව බහලුම් නිදහස් නොකිරීම හේතුවෙන් බහලුම් පටවාගත් ලොරි රථ දින හයක් හතක් පොලීමේ රැඳී සිටීමට සිදුව ඇතැයි වරාය සේවකයෝ පවසති.
දින ගණනක් මෙසේ රැඳී සිටිමට සිදු වීම නිසා රියැදුරන්ට නිසි සෞඛ්‍ය පහසුකම් හෝ ආහාර වේලක් පවා නැතිව තමන්ගේ අවස්ථාව පැමිණෙන තෙක් වාහනයේ රැඳී සිටීමට සිදු වන බවත් මේ මරණයට එයද හේතුවක් විය හැකි බවත් සේවකයෝ කියති.
රක්ෂණ ශ්‍රියන්ත