සෑම සාර්ථක මිනිසකුගේම පසුපස ගැහැණියක සිටින බවට කතාවක් තිබේ. මෙරට අවුරුදු හතළිස් හයක් පුරා පාලනය කළ ජනාධිපතිවරු අටකි. එයින් එක් ජනාධිපතිනියක් සිටින අතර අනෙක් සියලු දෙනා ජනාධිපතිවරුය. මේ සියලු ජනාධිපතිවරු විවාහකයන් වන අතර ඔවුන්ගේ ආර්යාවන් ඔවුනගේ දේශපාලන ගමන් මඟ ජය ගැනීමට ලබා දුන් සහාය සුවිශේෂය. එම ආර්යාවන් අතර ජේ.ආර්.ජයවර්ධන මහතාගේ ආර්යාව වන හෙලේනා ජයවර්ධන මහත්මිය සමාජ අවධානය දිනාගත්තේ නිහඩ සහ වැදගත් චරිතයක් ලෙසය. ඇය කිසිදු විටෙක විධායක ජනාධිපති තම ස්වාමි පුරුෂයා කියා හිස උඳුම්මා ගත්තේ නැත.
ප්‍රේමදාස ආර්යාව රණසිංහ ප්‍රේමදාස මහතාගේ අභියෝගාත්මක දේශපාලන ගමන මඟ ජය ගැනීමට ශක්තිමත් අත්වැලක් වූ බව ප්‍රකට කරුණකි. සාමාන්‍ය පන්තියෙන් පැමිණි නාගරික මන්ත්‍රීවරයකු ලෙස සිය දේශපාලන ගමන ආරම්භ කළ රණසිංහ ප්‍රේමදාස මහතාට ශක්තිමත් අත්වැලක් වූයේ ඇයයි.
මෙරට දේශපාලන ඉතිහාසය තුළ නම සඳහන්වන විට කෙටි කාලයක් තුළ සාමකාමි සහ නිහඩ පාලනයක් රැගෙන ගිය ඩි.බී.විජේතුංග මහතා සුවිශේෂය, ඔහු මෙන්ම විජේතුංග ආර්යාවද ගත කළේ නිහඩ ජීවිතයකි.
මෙරට යුදමය අභියෝගය ජයගත් නායකයා මහින්ද රාජපක්ෂ මහතාය. ඔහුගේ සෙවනැල්ල මෙන් සිටියේ ශිරන්ති රාජපක්ෂ මහත්මියයි.ඇය සමාජ සේවිකාවක් ලෙස එකට කැපී පෙනෙන සේවයක් ඉටු කළාය.
මහින්ද යුගයෙන් පසු ජනාධිපති ධූරයට පත්වනු ලබන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාය. ඔහුගේ ආර්යාව වන්නේ ජයන්ති සිරිසේන මහත්මියයි. ඇයද නිහඬව කටයුතු කළ චරිතයකි.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආර්යාව වූයේ අනොමා රාජපක්ෂ මහත්මියයි. රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමට පෙර සිටම විවිධ සමාජ සේවා කටයුතුවල නියැලුණ රාජපක්ෂ මහත්මිය කලක් සේවා වනිතා ඒකකයේද ක්‍රියාකාරීව කටයුතු කළාය.
වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආර්යාව වන මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සිය සැමියා රටේ විධායක ජනාධිපතිවරයා වුවද ඇයගේ වෘත්තීය ජීවිතය ගත කරමින් කටයුතු කරන අතර ඇයගේ ජීවන රටාව පක්ෂ භේදයකින් තොරව සියලු දෙනාගේ දැඩි ඇගැයුමට ලක්ව තිබේ.
ප්‍රසන්න වෙල්ගම