Saturday, May 10, 2025
Home » බංග්ලාදේශයට වුණු දේ අපට නොවුණේ ජනපති රට බේරා ගත් නිසයි

බංග්ලාදේශයට වුණු දේ අපට නොවුණේ ජනපති රට බේරා ගත් නිසයි

by sachintha
September 3, 2024 1:00 am 0 comment

සජිත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය පරණයි:

අනුර වටා ඉන්නේ ගෝඨා එක්ක රට වැට්ටූ අයයි – ජනාධිපති උපදේශක මනූෂ නානායක්කාර

 

ඉතා සාර්ථක ආර්ථික වර්ධනයක් සහිතව ඉදිරියට යමින් සිටි බංග්ලාදේශය මාසයක් ඇතුළත බංකොලොත් රාජ්‍යයක් බවට පත් කරන්නට එරට අරගලකරුවන් සමත් වූ බවත්, ශ්‍රී ලංකාව එම අවසනාවන්ත ඉරණමෙන් අන්තිම පැය විසි හතරේදී බේරා ගන්නට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බවත් විදේශ රැකියා පිළිබඳ ජනාධිපති උපදේශක මනූෂ නානායකකාර මහතා පැවසීය.

ගාල්ල, නෙළුව පැවති මහජන හමුවක් අමතමින් පසුගියදා (1) අදහස් දැක්වූ ඒ මහතා තවදුරටත් මෙසේද පැවසීය.

Òමීට මාස දෙකකට පෙර බංග්ලාදේශ ආර්ථිකය විනාශ කරන්නට අරමුදල් සැපයූ විදේශීය රටවල් වර්තමානයේ ජනතා විමුක්ති පෙරමුණ වැනි දේශපාලන ව්‍යාපාර පිටුපස සිටිය හැකි බව අප අමතක නොකළ යුතුයි. සජිත් ප්‍රේමදාස ජනාධිපතිවරණයට ඉදිරිපත් කර ඇති ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති බොහෝ කරුණු වත්මන් රජය දැනටමත් ක්‍රියාත්මක කර තිබෙනවා. එම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමට වඩාත් හොඳ හැකියාවක් ඇත්තේ වත්මන් ජනාධිපතිවරයාටයි. ගෝඨාභය මහත්තයාගේ කාලෙ මොකද වුණේ? බදු ආදායම් අහිමි වුණා. බදු කපා හැරියා. පොහොර දෙන්නේ නෑ කීවා. වැරදි තින්දු ගත්තා. එතකොට ඒ වැරදි තීන්දු ගන්න ද ඔබ ඔහුට ඡන්දේ දුන්නෙ. ඒ වැරදි තීන්දු ගන්නකොට කවුද ඔහු පිටුපස හිටියේ? වැරදි තීන්දු ගන්න ද මෙතැන ඉන්න පොදු ජන පෙරමුණේ අය ඡන්දෙ දුන්නෙ? නෑ. මේ අය ගෝඨාභය මහත්තයට ඡන්දේ දුන්නේ හරියට වැඩ කරන්න. රටේ විනයක් හදන්න. රටේ ක්‍රමයක් හදන්න. ආර්ථිකය හදන්න. හැබැයි උපදෙස් දුන්නේ කවුද? නාලක ගොඩහේවලා, චරිත හේරත්ලා, ඩලස් අලහප්පෙරුමලා. ඔන්න වටේ හිටපු කට්ටිය. වියත් මගේ කට්ටිය. ඒ අය තමා වැරදි උපදෙස් දුන්නේ. නැතිනම් මහින්ද මහත්තය කරනකොට ඔහොම වුණේ නෑනේ.

Òනාලක ගොඩහේවලා, චරිත හේරත්ලා, ඩලස් අලහප්පෙරුමලා කියන රට වට්ටපු කට්ටිය අද ඉන්නවා සජිත් එක්ක. තව කට්ටියක් හිටියා වියත් මගේ, අපි තමයි ආචාර්යවරු, මහාචාර්යවරු බොහොම දැන උගත් කට්ටිය කියලා කියපු. ඒ කට්ටිය සහ ඒ වෙනුවෙන් කඩේ ගියපු ඡන්ද දායකයන් පිරිසකුත් හිටියා.ගෝඨාභය මහත්තයා ආවට පස්සේ කවුරු හරි වරදක් කළොත් ඉස්සෙල්ලම පාරට බහින්නේ ඒ අය කියලා කිව්වා. දැන් ඒ කට්ටිය අන්න ඉන්නව ජ.වි.පෙ. චන්න ජයසුමනලා තවත් තැනක ඉන්නවා. එතකොට අර කෑගහපු අය, අන්න ඉන්නවා ජවිපෙ. අර ආචාර්ය, මහාචාර්යවරු කට්ටියම ඉන්නවා එතැන. පණ්ඩිතකම විතරක් තියෙන සෙට් එක දැන් ඉන්නෙ ජ.වි.පෙ.

Òනාලක ගොඩහේවාත් හිටියා විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ. දැනට නඩුවක් තියෙනවා කාල්ටන් ස්පෝර්ට්ස් එකට ක්‍රිෂ් කියලා ආයතනයකින් සල්ලි වගයක් අරගෙන. ඒ කියන්නේ රගර් ගහන්න විනිමය සුරැකුම්පත් කොමිසමේ සල්ලි දුන්න ද මොකක්ද කියලා නඩුවක් ති‍ෙයනවා උසාවියේ. නාමල් මහත්තයාට රගර් ගහන්න විනිමය සුරැකුම්පත් කොමිෂන් සභාවේ සල්ලි දුන්නා කියලා. රගර් සහ විනිමය සුරැකුම්පත් කියන්නේ කිසිම සම්බන්ධයක් නැති ආයතන දෙකක්. මේ විනිමය සුරැකුම්පත් කොමිසමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ හිටපු හාදයා තමයි දැන් මේ ආර්ථිකය ගැන කතා කරන්නේ.

දැන් හඳුන්නෙත්ති එළියට දාන්නේ නෑ . මොකද හඳුන්නෙත්තිලාටත් තියෙනවා ප්‍රශ්නයක්. අනුර කුමාරටත් තියෙනවා ප්‍රශ්නයක්. ඒ තමයි වැරදිලා හරි ඉස්සරහට ආණ්ඩු බලයක් ආවොත් මේක කරන්නේ කොහොමද කියලා. දන්නවා කරන්න බෑ කියලා. ඒක අනුර කුමාරටත් තේරෙනවා. හඳුන්නෙත්තිටත් තේරෙනවා. ලාල්කාන්තටත් තේරෙනවා. අන්න ඒ නිසා මුන් දැන් මුන්ටම ගහගන්නවා .

Òරනිල් වික්‍රමසිංහ මහත්තයා රට ගොඩගන්න හරියට වැඩේ කළාම සමහර රටවලට ඒක බලපානවා. ඒ රටවල් සපෝට් එක දෙනවා මේ රට අවුල් කරන්න. දැන් ජ.වි.පෙ කැට හොල්ලනවා දැක්ක ද බස් ස්ටෑන්ඩ්වල. නෑ නේද? ගම්වල ඇවිත් ටිකට් විකුණනවා ද? නෑ නේද? එතකොට හොහෙන් ද මේ සල්ලි. ගම්වල කාර්යාල දාන්න. හැම රැස්වීමකටම බස් අරගෙන සෙනඟ ගෙනියන්නේ කොහොමද? බස් සංගම් කියනවා දවසකට කෝටි ගාණක් බස්වලට විතරක් වියදම් කරනවා කියලා. කෝ ඒවට සල්ලි. කවුරුහරි සල්ලි දෙනවා. රට වට්ටන්න බලන් ඉන්න අය තමයි ජ.වි.පෙට සල්ලි දෙන්නේ. ඒ වගේ කණ්ඩායම් තමයි බංග්ලාදේශය වැට්ටුවේ. මාලදිවයින වැටෙන්න පටන් ගන්නවා. ඉන්දුනීසියාවේ ආර්ථික අර්බුදයක් ළඟ එනවා. හැබැයි අපේ රට වැටුණු තැනින් රනිල් වික්‍රමසිංහ මහතා ගොඩගත්තා. දැන් ඒක වට්ටන්න්න කවුරු හරි එළියේ ඉඳලා සල්ලි දෙනවා. ඒ සල්ලි තමා මේ විසි කරන්නේ.

Òමෙහෙම හදන බොරු රැල්ලට රැවටිලා මිනිස්සු වැරදි තීරණයක් ගත්තොත් මුන් දන්නවා රට කරන්න බෑ කියලා . ඒක හින්දා දැන් ඒගොල්ලෝම මේක පොඩ්ඩක් පස්සට අදිනවා. අපේ මිනිස්සුත් රැලිවලට අහුවුණොත් රැල්ලටම යනවා. දැන් ගම්වලත් අපි මාලිමාවට කිව්වේ නැත්නම් කොන් වෙනවා වගේ හැඟීමක් තියනවා. ඒ නිසා අහන අහන අයට කියනවා අපි මාලිමාවට කියලා. හැබැයි බොරු රැල්ලක්. මිනිස්සු දන්නවා රට ගොඩගත්තේ කවුද, රට ඉස්සරහට ගත්තේ කවුද කියලා. මගේ තාත්තා මරලා

දැම්මේ ගමේ සාමාන්‍ය දේශපාලනය කරනකොට. ප්‍රාදේශීය සභාවට ඉල්ලන්න හදනකොට මගේ තාත්තාව මරලා දැම්මා. මෙතැන එහෙම අය කීදෙනෙක් ඉන්නව ද. කොච්චර දෙනෙක් ගෙවල්වලට ඇවිල්ලා මරලා දැම්ම ද. ඒ නිසා සාධාරණ බයක් ඇතිවෙනවා ප්‍රසිද්ධියේ කතා කරන්න. හැබැයි බය වෙන්න එපා. දිනන්නේ රනිල් වික්‍රමසිංහ. රනිල් දිනුවට පස්සේ ඔය එක බාප්ප කෙනකුටවත් මිනිස්සුන්ට තර්ජනය කරන්න හම්බවෙන්නේ නෑ. රනිල් වික්‍රමසිංහ මැතිතුමා දියුණුවට පස්සේ කාටවත් අත තියන්න දෙන්නේ නෑ. නීතිය සහ ඕගොල්ල රකින්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්නවා. බයවෙන්න එපා කවුරුවත්. ඔය ගම්වලට ඇවිල්ලා මිනිස්සු බය කළාට බයවෙන්න එපා.Ó

කෑගල්ල දිස්ත්‍රික් සමූහ

දයාරත්න බණ්ඩාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT