ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් ජාතික ජන බලවේගයට මේ දිනවල විවිධ අපහාසාත්මක චෝදනා විරුද්ධ පක්ෂ විසින් සිදු කරනු ලබන අතර, අදහාගත නොහැකි අන්දමේ මඩ ප්‍රචාර එල්ල කරමින් පවතින බවත්, ඒ කිසිවකින් නොසැලී ජයග්‍රහණය කරා යෑමට පක්ෂය වෙනුවෙන් කැප වූ සුවහසක් ජනතාව එකා මෙන් පෙළ ගැසී සිටින බවත් ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව කියා සිටියේ, පසුගියදා (30) පෑලියගොඩ රෝහණ විහාරස්ථානයට පැමිණි අවස්ථාවේදීය.
රෝහණ විහාර පෙදෙසේ පැවැති මාලිමාවේ ජන හමුව ඇමතීමට පෙර විහාරය වෙත පැමිණි ඒ මහතා විහාරාධිපති ගම්පහ දිසාවේ ප්‍රධාන සංඝනායක ශාස්ත්‍රපති විශ්‍රාමික විදුහල්පති ඌරාපොළ පේමසිරි හිමිපාණන් වහන්සේ වෙත මාලිමාවේ Òපොහොසත් රටක් ලස්සන ජීවිතයක්Ó ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිගැන්වූ අතර, උන්වහන්සේ එහිදී මන්ත්‍රීවරයාගෙන් පක්ෂයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් ද විමසීමක් කළේය.
ජාතික ජන බලවේගය බලයට පත් වීමෙන් පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ නම වැනි වගන්තියේ සඳහන් බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි වන බවට සඳහන් ප්‍රකාශ ඉවත් කරන බවත්, බුද්ධාගමට ප්‍රමුඛස්ථානය හිමි නොවන අතර, පෙරහර පැවැත්වීම තහනම් කරන බවට ගෙනයන ප්‍රචාරවල කිසිම සත්‍යතාවක් නැති බවත්, තමන් කිසිම අවස්ථාවක එවැනි ප්‍රකාශ කර නොමැති බවත්, මහා සංඝරත්නයේ අප්‍රසාදය ඇති කිරීමට එවැනි මඩ ප්‍රචාර අන්තර්ජාලය හරහා බෙදාහරින බවත් හෙතෙම එහිදී කියා සිටියේය. පරාජය හමුවේ වියරු වැටුණු විරුද්ධ පක්ෂවලින් කරන අත්තනෝමතික ප්‍රචාර පිළිබඳව කලකිරීමට පත් නොවන්නැයි ද මන්ත්‍රීවරයා විහාරාධිපති හිමිපාණන්ගෙන් ඉල්ලා සිටියේය.
කැලණිය – කේ.එස්. හැන්නදි