මෙරට තේ කර්මාන්තය සාර්ථකව ඉදිරියට පත්වාගෙන යෑමට තලවකැලේ තේ පර්යේෂණ ආයතනය විසින් ගත වූ වසර 100ක කාලය තුළ සිදු කළ මෙහෙය සහ ඉදිරියේදී එම ආයතන විසින් සිදු කිරීමට සැලසුම් කරනු ලැබ ඇති සේවාවන් පිළිබඳව කුඩා තේ වතු හිමියන් සහ වතු සමාගම්වල පාලන අධිකාරිය දැනුම්වත් කිරීමේ සම්මන්ත්‍රණයක් පසුගියදා (30) තලවකැලේ තේ පර්යේෂණ ආයතන පරිශ්‍රයේදී සිදු කෙරිණ.
තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂක ආචාර්ය එම්.ඒ.බී. රණතුංග මහතා සහ තේ පර්යේෂණ ආයතනයේ විද්‍යාඥයන් විසින් මෙම සම්මන්ත්‍රණය පවත්වන ලද අතර, මෙම සම්මන්ත්‍රණයට සමගාමීව තේ පර්යේෂණ ආයතනයේ නිල යූ ටියුබ් නාලිකාවක් ද එළිදක්වනු ලැබිණ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන තේ නිසි ප්‍රමිතියකින් යුතුව නිෂ්පාදනය කරන ආකාරය සම්බන්ධයෙන් මෙම සම්මන්ත්‍රණයේදී පැමිණ සිටි පිරිස දැනුම්වත් කළ අතර, තේ වගාවට වර්තමානයේ පැන නැඟී ඇති ගැටලුවලට විසඳුම් ලබා දීම ද මෙම සම්මන්ත්‍රණයට සමගාමීව සිදු විය.
හැටන් – රංජිත් රාජපක්ෂ