Saturday, May 10, 2025
Home » කරාතේ ශූරයින්ට පනස්දහසින් බැඳි පියලි

කරාතේ ශූරයින්ට පනස්දහසින් බැඳි පියලි

by sachintha
September 3, 2024 12:59 am 0 comment

බස්නාහිර පළාත් ෂොටෝකාන් කරාතේ ශූරතාවලියේදී දකුණු ආසියාතික කරාටේ ශූරතාවලියේදී රන් පදක්කම් දිනා රටට කීර්තියක් අත්කරදුන් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6කට හා විනිසුරුවෙකුට රුපියල් 50000 බැගින් මුදල් තෑගි හා ඇගැයීම් සම්මාන පිරිනැමීම පසුගියදා කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සිදු විය.

පසුගිය වසරේ පළාත් ශූරතාවලියේදී ද කැපී පෙනෙන දස්කම් පෑ එම ක්‍රීඩක පිරිසට අයත් වූ කොළඹ විශාකා විදුහලේ නෙතුකි දුලන්සා ජයදේව, ගුවන් හමුදාවේ ටී. එච්. ඩී. පීරිස්, පානදුර ලීඩ්ස් ජාත්‍යන්තර පාසලේ තිදසි තිනාරා, මොරටුව වේල්ස් කුමර විදුහලේ ඒ. ඩී. එම්. දිසානායක, එම්. එච්. එස්. ප්‍රනාන්දු, එෆ්. ආර්. ජුරන්පති හා කුම්තේ ජාත්‍යන්තර ‘බී‘ පරීක්ෂණය සමත් විනිසුරු සෙන්සේ මිරාජ් ලියනාරච්චි යන අය ඇතුළත් වූහ. මෙම ඇගැයීම් උලෙළ සංවිධානය කළ ෂොටෝකාන් කරාතේ සංගමයේ සභාපති සෙන්සේ ඩී. එල්. ලලිත් මහතා ඇතුළු සංවිධායක පිරිස ඡායාරුපයේ සිටිති.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT