Sunday, May 11, 2025
Home » ඊශ්‍රායල අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි

ඊශ්‍රායල අගමැති ජනතාවගෙන් සමාව ඉල්ලයි

by sachintha
September 4, 2024 1:47 am 0 comment

ගාසා තීරයේදී පසුගියදා ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 6 දෙනකු ඝාතනයට ලක් වීමේ සිදුවීමට එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු ජාතියෙන් සමාව ඉල්ලා සිටි බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ප්‍රාණ ඇපකරුවන් නිරුපද්‍රිතව බේරා ගැනීමට අසමත්වීම පිළිබඳ කනගාටු වන බවත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇතැයි වාර්තා වේ.

ඊශ්‍රායල අගමැතිවරයා ජාතියෙන් සමාව ඉල්ලා සිටියේ පසුගියදා එරට ආරම්භ වූ දැවැන්ත විරෝධතාව හා වැඩවර්ජනයෙන් පසුව බවත්, හමාස් සාමාජිකයන් ඊශ්‍රායලයට කඩා වැදී ප්‍රාණ ඇපකරුවන් සියයකට වැඩි පිරිසක් රැගෙන ගොස් මාස 11ක් ගතවූවද, ඊශ්‍රායල රජය මෙතෙක් ඔවුන් මුදා ගැනීම සඳහා සැලකිය යුතු උත්සාහයක් නොගත් බවට ද රජයට මෙන්ම අගමැතිවරයාට ද ජනතාවගෙන් දැඩි විරෝධතා එල්ල වී තිබේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT