Home » ඉන්දීය ආරක්ෂක විද්‍යායතනයේ පිරිසක් නාවික හමුදාපති හමු වේ

ඉන්දීය ආරක්ෂක විද්‍යායතනයේ පිරිසක් නාවික හමුදාපති හමු වේ

by sachintha
September 4, 2024 2:00 am 0 comment

ශ්‍රී ලංකාවේ අධ්‍යයන සංචාරයක නිරත ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ මාණ්ඩලික පාඨමාලාව හදාරන ශිෂ්‍ය නිලධාරීන්ගෙන් සහ අධ්‍යයන කාර්යමණ්ඩල සාමාජිකයන්ගෙන් සමන්විත නියෝජිත පිරිසක් පෙරේදා (2) නාවික හමුදා මූලස්ථානයේදී නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා හමු විය.

ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ජාතික ආරක්ෂක විද්‍යායතනයේ 64 වැනි මාණ්ඩලික පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍ය නිලධාරීන් 19ක් මේ අධ්‍යයන සංචාරයට සහභාගි වූ අතර, ඒ නියෝජිත පිරිසෙහි ප්‍රධානි ලෙස ඒකාබද්ධ ලේකම් ශ්‍රී විජේ නේරා මහතා කටයුතු කරයි. ඒ අනුව, මෙම නියෝජිත පිරිස නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා හමු වී සුහද පිළිසඳරක නිරත වීමෙන් අනතුරුව, එම අවස්ථාව සංකේතවත් කරමින් නාවික හමුදාපති සහ ඉන්දීය දූත පිරිසෙහි ප්‍රධානි අතර සමරු තිළිණ හුවමාරුවක්ද සිදු කෙරිණි. තවද, ශ්‍රී ලංකා නාවික හමුදාවේ කාර්යභාරය සම්බන්ධයෙන් සිදු කෙරුණු දේශනයක් සඳහාද ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ නියෝජිත පිරිස සහභාගි වූ අතර, අධ්‍යක්‍ෂ ජෙනරාල් මෙහෙයුම් රියර් අද්මිරාල් නිශාන්ත පීරිස්, නාවික හමුදාපතිගේ නාවික සහායක රියර් අද්මිරාල් කෝසල වර්ණකුලසූරිය සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් එම් ආනන්ද් මහත්වරුද මේ අවස්ථා සඳහා සහභාගි වී සිටියහ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT