Home » මාලිමාව මැතිවරණ නීති කඩන බවට යුරෝපා සංගමයට පැමිණිල්ලක්

මාලිමාව මැතිවරණ නීති කඩන බවට යුරෝපා සංගමයට පැමිණිල්ලක්

by sachintha
September 4, 2024 3:04 am 0 comment

ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය මඟින් මැතිවරණ නීති කඩ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ප්‍රතිසංශෝධන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ මහතා විසින් යුරෝපා සංගමයට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ තිබේ.

යුරෝපා සංගමයට විශේෂ පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් ඒ මහතා සඳහන් කර ඇත්තේ මෙම මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් පිළිබඳ දිගින් දිගටම පැමිණිලි කළ ද මැතිවරණ කොමිසම තවමත් ඊට සුදුසු ක්‍රියාමාර්ග ගෙන නැති බවයි. ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය දේශපාලන පක්ෂය මඟින් මැතිවරණ නීති කඩ කිරීමේ අවස්ථා කිහිපයක් නිරීක්ෂණය කර වාර්තා කර ඇති බවත් 2024 ජූලි මස 28 වැනි දින මහරගම තරුණ මධ්‍යස්ථානයේ පැවති දේශපාලන රැස්වීම ඊට කදිම උදාහරණයක් බවත් පවසයි.

එහිදී රජයේ හෙද නිලධාරීන් ඔවුන්ගේ නිල ඇඳුමෙන් සැරසී ජාතික ජන බලවේගයේ දේශපාලන රැස්වීමකට ගෙන්වා ගැනීම මැතිවරණ නීති උල්ලංඝනය කිරීමකි. මීට අදාළ පැමිණිල්ල 2024 ජූලි මස 29 වැනි දින ගොනු කර තිබේ. පැෆ්රල් සංවිධානයේ ද ප්‍රතිචාරය වූයේ එවැනි පුද්ගලයන් නිල ඇඳුමෙන් නොපැමිණීම වඩාත් සුදුසු බවයි. නමුත් මෙම මැතිවරණ නීති සහ දේශපාලන ආචාරධර්ම කඩ කිරීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමෙන් කිසිදු වැදගත් පියවරක් ගෙන නැති අතර අවවාද කිරීමක් හෝ සිදු කර නැත. මෙම ගැටලු විසඳීමට සහ මැතිවරණය සාධාරණව පැවැත්වීම සහතික කිරීම සඳහා මෙන්ම නීතිය ආරක්ෂා කිරීම සඳහා යුරෝපා සංගමයේ අධීක්ෂණයෙන් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළ හැකිය. පවතින ගැටලු සහ නිසියාකාරව නියාමන ක්‍රියාත්මක නොකිරීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාවලිය අවදානමට ලක්විය හැකි බව පෙනී යන බැවින් සාධාරණ හා ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණය සහතික කිරීම සඳහා යුරෝපා සංගමයේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව ශ්‍රී ලංකා ප්‍රතිසංශෝධන සංවිධානයේ නීති නියෝජිත ධනුක රනන්ජක කහඳගමගේ මහතා සිය පැමිණිල්ලේන් වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT