Home » නෞකා අනතුරින් අතුරුදහන් වූ ධීවරයින් සොයා මෙහෙයුම් – සිව් දෙනෙක් දිවි බේරා ගනියි

නෞකා අනතුරින් අතුරුදහන් වූ ධීවරයින් සොයා මෙහෙයුම් – සිව් දෙනෙක් දිවි බේරා ගනියි

by yasara
September 4, 2024 9:26 am 0 comment

මෙරට මුහුදු තීරයට මුහුදු සැතපුම් 270 ක් පමණ දුරින් පිහිටි මුහුදු සීමාවේ දී ධීවරයින් 07 ක් රැගත් බහු දින ධීවර යාත්‍රාවක් නෞකාවක ගැටී ඊයේ (03) අළුයම් කාලයේ දී අනතුරක් සිදු වී තිබෙයි.

මෙම අනතුරින් ධීවරයින් 04 දෙනෙකු දිවි බේරාගෙන ඇති අතර තවත් තිදෙනෙකු අතුරුදහන් වී ඇත.

අතුරුදහන් වු පුද්ගලයින් වයස අවුරුදු 24 ,43,52 වයසැති කොස්ගොඩ හා අහුංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වෙයි.

අතුරුදහන් වූවන් සොයා මේ වන විට මෙහෙයුම් දියත් කර ඇති අතර ‌දිවි ‌බේරාගත් ධීවරයින් මේ වන විට ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කර ඇත.

ගාල්ල වරාය පොලිසිය හා නාවික හමුදාව අතුරුදහන් වූවන් සොයා මේ වන විට පරීක්ෂණ කටයුතු සිදු කරයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT