අප කවුරුත් අහන්න, දකින්න වඩාත් කැමැත්තක් දක්වන්නේ සුන්දර කතාය. නැතහොත් ප්‍රියමනාප සතුටුදායක කතාය. එසේත් නැත්නම් ප්‍රසන්න වූ කතාය. එහි අනෙක් පැත්ත ගතහොත්, අප්‍රසන්න වූ, ද කවුරුත් ඇසීමට කැමැත්තක් නොදක්වන දේ අප්‍රිය ජනක කතා ගොඩට වැටෙයි. මුඛරි කතා යනු බොහෝදුරට එවැනි කොට්ඨාසයට ගැනෙන කතාය. නමුත් මෙහි කථකයා කතාවේ මනා දක්ෂයෙක් වෙයි. ඔහුට ප්‍රිය හෝ අප්‍රිය දෑ නොව කටට එන්නේ යම් දෙයක් ද ඔහු එය වහරන්නට පසුබට නොවේ. ඔහුගේ කට හැකර බවට මුල්තැන මෙහිදී ලැබේ. කතාවෙහි දක්ෂ, කට හැකර අය විසින් මුඛරි දෑ වහරයි. ඇතැමුන් තමන්ගේ විෂය හෝ වෘත්තිය කුමක් වුවද එය මුඛරි කමට දෙවැනි වෙයි. මේ ද එවන් අවස්ථාවකි.
ඔහු උගතෙකි. බුද්ධිමතෙකි. ජනතා නියෝජිතයකි. මේ කුමක් තිබුණත් ඔහු කතාවෙහි දක්ෂයෙකි. මුඛරි කමෙහි අඩුවක් නැත. එය තැනට කොතරම් දුරට උචිත දැයි යන්න ගැන ද විචාලීමක් ද නැත. ඔහුට දිනක් එක්තරා ඇරියුමක් ලැබිණි. එය එක්තරා ප්‍රදේශයක, එක්තරා ගොඩනැඟිල්ලක් විවෘත කිරීම වෙනුවෙන් ජනතා නියෝජිතයකු වශයෙන් පැමිණීමටය. එකල ජනතා නියෝජිතයින් කෙරෙහි ජනතාවගේ වැඩි අවධානයක් තිබිණි. එසේම පිළිගැනීමක්ද තිබිණි. මේ අපේ කතා නායකයාට ද ඒ සියලු පිළිගැනීම් ලැබිණි. දැන් ලැබී ඇත්තේ ඔහුගේ අවස්ථාවයි. බැලූ බැල්මට විවෘත කිරීමට ආ ගොඩනැඟිල්ල ඉතා ප්‍රිය මනාපය. ප්‍රදේශයේ ආරෝග්‍ය ශාලාවක එක්තරා ගොඩනැගිල්ලක් විවෘත කිරීමටයි මේ ඇරියුම. ජනතාව රැස්වී ඇත්තේ ද මාතෘ සායනයක් අසලය. එබැවින් සායනයට පැමිණි මව්වරු ද වූහ. ප්‍රදේශයේ ජනතාවද බොහෝ රැස්ව සිටියහ. ජනතාව දුටු පමණින් අපේ කතා නායකයාට කිසියම් උත්තේජනයක් සැපැයිණි. හේ මහා සන්තෘෂ්ටියට පැමිණියේය. ගොඩනැඟිල්ල විවෘත කිරීමේ සන්තෘෂ්ටියත්, ජනතාවත් තවදුරටත් ප්‍රීති ප්රමෝදයට සහ උත්කර්ෂයට පැමිණ වීමේ අදහසිනුත් ජනතාව අභිමුව ඔහු මෙවැන්නක් ප්‍රකාශ කළේය.
Ò මම ඔයගොල්ලන්ගේ බබාලා හම්බවෙන තැන ලොකු කරනවා.Ó
සභාවෙන් ඇසී ගියේ හූ හඬකි. මහා සිනා සාගරයකි.
කතකයාට එලොව පොල් පෙනුණි. තමන්ට වචනයක් වැරදුණු බව තේරුණි. ඒත්, දැන් පමා වැඩිය. ප්‍රකාශ කළ යුත්තේ, එවැන්නක් නොවේ. Ò මෙහි මාතෘ නිවාසයත් මම නවීකරණය කරනවා.Ó යනුවෙනි.
කෙසේ වෙතත් වේදිකා බිමේ සිටි තවත් කථිකයෙක් නැඟී සිට,
Ò ඔය කියන තැන නම් ලොකු කරන්නේ නෑ…Ó
යනුවෙන් පැවසීය. මෙම කතාව ජනතාව අතරට ඇදී ගියේ ඉතා වේගයෙනි. හාස්‍යයද උපහාසය ද සිනා රසයද ඒ සමඟ වේගයෙන් පැතිර ගියේය. ඇතැමුන් මේ සිදුවීම සහ කතාව විටින් විට මතකයට නංවා ගනිමින් සිනා දක්වති.
මෙහි සඳහන් නම් ගම් සියල්ල මනඃකල්පිතය.
මෙය ඔබගේ රසවින්දනය සඳහා පමණකි.
විශේෂ ස්තූතිය,
විශ්‍රාමික හිටපු අමාත්‍යාංශ ලේකම්
ඒ. පී. ඒ ගුණසේකර
ශ්‍යාමා සමරසිංහ