මාස් මෝසම් වැසි ආරම්භවීමත් සමඟම ඩෙංගු උණ රෝගය පැතිර යෑමේ අවදානම්සහගත තත්ත්වයක් පවතින හෙයින් ඩෙංගු රෝගය ව්‍යාප්ත කරන මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම සම්බන්ධයෙන් අම්බලන්තොට ප්‍රදේශයේ මහජනතාව දැනුම්වත් කිරීමට නිසි බලධාරීහු ඊයේ (03) පියවර ගත්හ. අම්බලන්තොට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලය, අම්බලන්තොට ප්‍රාදේශීය සභාව, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය, පොලිසිය, සිවිල් ආරක්ෂක බළකාය ඇතුළු ස්වේච්ඡා නිලධාරින් සමූහයක් එක්ව අම්බලන්තොට නගරය හා ඒඅවට ගම්වල ගෙන් ගෙට ගොස් ජනතාව දැනුම්වත් කිරීම සිදු කෙරිණි.
රාජ්‍ය ආයතන මෙන්ම පෞද්ගලික ආයතන පරිශ්‍ර ද ඩෙංගු මර්දන ක්‍රියාවලිය යටතේ හදිසි පරීක්ෂා කිරීම්වලට යටත් වේ. ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන යැයි සැලකෙන ස්ථාන නිවෙස් හා කාර්යාල මෙන්ම වෙළඳ සල් ආශ්‍රිතව පවත්වාගෙන ගොස් ඇති අයට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මාර්ගයෙන් එදිනම අවශ්‍ය නීතිමය පියවර ගැනීමටත් කටයුතු කර ඇත. අම්බලන්තොට නගරය හා ඒ අවට ගම් පරීක්ෂා කිරීම්වලින් අනතුරුව සෙසු ගම්මානවල ද මෙවැනි කණ්ඩායම් යොදවා ඉදිරියේදී පරීක්ෂා කිරීම් කටයුතු සිදුකරන බව අම්බලන්තොට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සඳහන් කරති.
ලුණම සමූහ – සනත් ගමගේ