Friday, May 16, 2025
Home » බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය කොලොන්නාව උමගිලියේ දී

බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සවය කොලොන්නාව උමගිලියේ දී

by sachintha
September 4, 2024 2:21 am 0 comment

කොළොන්නාව ශ්‍රී මහා බෝධි විහාරයේ විහාරාධිපතිව වැඩ සිටියදී රෝගාතුරව අපවත්වී වදාළ බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දිවයිනේ නන්දෙසින් අති විශාල ජනකායක් ඇදෙමින් පැවැතීම හේතුවෙන් කලින් යොදාගෙන තිබූ එම ආදාහන කටයුතු කොළොන්නාව පොදු සුසාන භූමියේ සිදු නොකොට වඩාත් ඉඩපහසුකම් සහිත කොළොන්නාව උමගිලිය ක්‍රීඩාංගණයේදී 4 දා (අද) සවස සිදු කිරීමට ආදාහන කමිටුව තීරණය කළ බව කමිටුවේ සභාපති කොළොන්නාව බෞද්ධ මධ්‍යස්ථානාධිපති පොත්තේවෙල විනීත නාහිමිපාණන් වහන්සේ නිවේදනයක් නිකුත් කරමින් සදැහැවතුන් වෙත ශාසනාලයෙන් යුතුව දැනුම්දී ඇත.

බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේගේ ශ්‍රී දේහයට ගෞරව දැක්වීම පිණිස එම ශ්‍රී දේහය තැම්පත් කොට ඇති කොළොන්නාව ශ්‍රී මහා විහාරයට නන්දෙසින් මහා සංඝ රත්නයද විශාල වශයෙන් වැඩම කරමින් සිටින අතර 3 දා (ඊයේ) දහවල් විචිත්‍ර ධර්ම කථිකයාණන් වහන්සේ නමක් වන කැටවල හේමාලෝක නාහිමිපාණන් වහන්සේ වැඩම කොට ගෞරව දැක්වූ අයුරු ඡායාරූපයේ දැක්වේ.

කොළොන්නාව සමූහ ඒ. සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT