Friday, May 16, 2025
Home » කොළොන්නාව නගර සභාවේ එල්ලේ පිළ තරගාවලි දෙකකින් ජය ගනී

කොළොන්නාව නගර සභාවේ එල්ලේ පිළ තරගාවලි දෙකකින් ජය ගනී

by sachintha
September 4, 2024 2:22 am 0 comment

විශ්‍රාම ගොනු භාරදීම සඳහා කලාප කාර්යාලය වෙත යාමට බම්බලපිටිය අමරසේකර මාවතේ රැඳී සිටි ගුරුවරිය පැලඳ සිටි රුපියල් ලක්ෂ 5ක් පමණ වටිනා ඩයමන්ඩ් හැඩයේ මුතු අල්ලන ලද රන්මාලය නාඳුනන පුද්ගලයකු කොල්ලකා පලා ගොස් ඇතැයි බම්බලපිටිය පොලිසිය කියයි.

රන්මාලය සමඟ තිබූ මුතු අල්ලන ලද පෙන්ඩනය එම ස්ථානයේ වැටී තිබියදී ගුරුවරියට හමුවී ඇත.

බම්බලපිටිය විද්‍යාලයක ගුරු වෘත්තිය කරන පැමිණිලිකාරිය එම විද්‍යාලයේම ගුරු වෘත්තියේ යෙදෙන ඇයගේ මිතුරියක් සමඟ විශ්‍රාම ගොනු භාරදීම සඳහා කලාප කාර්යාලය වෙත යාම සඳහා අමරසේකර මාවතේ රැඳී සිට ඇතැයි පොලිසිය කියයි.

කුලී රථ සමාගමකට ඇමතීම සඳහා දුරකතන අංකය සොයමින් සිටියදී ඇගේ පිටුපසින් පැමිණ තිබූ පුද්ගලයකු ගෙල බැඳි රන්මාලයේ කොල්ලකා යතුරුපැදියක නැඟී අමරසේකර මාවත ඔස්සේ පලා ගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ත්‍රිරෝද රථයකින් යතුරුපැදිය හඹා ගියද මාර්ග තදබදය හේතුවෙන් කොල්ලකරු නතර කර ගැනීමට නොහැකි වී ඇතැයි පොලිසිය පවසයි.

කොල්ලකෑම සිදුවන අවස්ථාවේදී ඒ දුටු පුද්ගලයකු කොල්ලකරු පසුපස හඹා ගොස් ඇති අතර, ඉදිරියට යාමට නොහැකි වී ඇති අතර කොල්ලකරු හා යතුරු පැදිය එම පුද්ගලයා ජංගම දුරකතනයෙන් ඡායාරූපගත කර පැමිණිලිකාරියට ලබා දී තිබූ බවත් ඒ ඔස්සේ විමර්ශන සිදුකරන බවත් පොලිසිය කියයි.

රන්මාලය සිය මව විසින් ඇය වෙත ලබාදෙන ලද එකක් බවට පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

බම්බලපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් පත්මලාල් මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක කසුන් වික්‍රමසිංහ මහතා පරීක්ෂණ පවත්වයි.

බණ්ඩාරගම – බිමල් ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT